කාබනික වී කිලෝව රුපියල් 100ට මිලදී ගන්නවා…

November 3, 2021 at 4:40 pm | lanka C news
කාබනික වී කිලෝව රුපියල් 100ට මිලදී ගන්නවා…

කාබනික වී ගොවීයන්ගේ වී කිලෝව රු.100 බැගින් මිලදී ගැනීමට රජය සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත් නාඩු වී කිලෝව රුපියල් 80ක් ද සම්බා වී කිලෝව රු.100ක් හා කිරී සම්බා වී කිලෝව රු.125කට මිලදී ගැනීමට ව්‍යාපාරකයින් පෙළඹි සිටින බවයි.

“මේ දිනවල දිවයින පුරාම  ගොවී උද්ඝෝෂණ පැවැත්වෙනවා. හැබැයි ඒ උද්ඝෝෂණවල ඉන්නේ නියම ගොවියෝ නෙමෙයි කියලායි මම විශ්වාස කරන්නේ. කෘෂිකර්ම ඇමතිවරයාගේ පඹයෝ හදලා ඒවා පුච්චනවා. කෘෂිකර්ම අමාත්‍යවරයාට පහර දෙනවා. නමුත් ගොවියන්ට අමතකයි ඉතිහාසයේ පළවෙනි වතාවට වී කිලෝවකට රු.80ක් ලැබෙන්නේ මේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ කාලේ කියලා.  මම ගොවීන්ගෙන් ඉල්ලන්නේ එකම දෙයයි. ඔබ බය වෙන්න එපා. ඔබට පොහොර රජයෙන් දෙනවා. ඔබේ නිෂ්පාදන රජය මිලදී ගන්න සූදානමින් ඉන්නවා . ඒ වගේම කාබනික වගාවෙන් ගොවිතැන පාඩු වුණොත් ඒ පාඩුව රජයෙන් ගෙවනවා. ඒ රජයේ සහතිකය ගැන විශ්වාස කරලා ඔ‍බ ඔබේ ගොවිතැනට යොමු වෙන්න කියලා මම ඉල්ලනවා” යැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

19,631 views

20 Comments to “කාබනික වී කිලෝව රුපියල් 100ට මිලදී ගන්නවා…”

  1. AMS අධිකාරි says:

    ඇමතිතුමාගේ හොඳකම නිසා නෙමෙයි වී මිල ඉහල යන්නේ , මේ කරපු ගොන් වැඩෙන් වී අස්වැන්න අඩුවෙන බව මෝල් හිමියන්ට තේරෙනවා

  2. වී අස්වැන්න අඩවිය හැකිය යන්න මෝල් හිමියන්ට තේරෙනවා, ඒකයි මිල වැඩි කරන්නේ

  3. oba says:

    After using nano urea no one can harvest KABANIKA paddy.
    nano urea is not plant urea.

  4. iceberg slim says:

    ඉදිරියේ දී ලංකාවේ ජනාදිපති කෙනෙක් වීමට අවශ්‍ය කරුණු කාරණා සියල්ල මේ ‘ ස ‘ සම්පුර්ණ කරගනිමින් පවතිනවා …. හොඳටම කරගෙන යන්න ” ස ”

  5. ගිරිගෝරිස් says:

    ඈ බොල එතකොට අපි හාල් කන්න ඕනෑ කීය ගානේ දීල ද?
    වැඩිපුර යන සල්ලි දෙන්නේ මොකාද
    මෝඩ හැත්ත

  6. APerera says:

    මෙයා වී කිලෝ එක 100ට ගත්තහම, වෙලඳ අැමති හාල් කිලෝ එක 90ට දෙනවා. නියම අාර්ථික විද්‍යා පාඩම.

  7. 0.0069 MIN BIYYO says:

    මේ මනුස්සයට මොලේ කොලොප්පම් වෙලා
    ඈ බොල එතකොට අපි කාබනික හාල් කන්න ඕනෑ කීය ගානේ දීල ද?
    වැඩිපුර යන සල්ලි දෙන්නේ මොකාද
    මෝඩ හැත්ත

  8. වැඩිය මේ කියන කථා ගනන් ගන්න එපා. දැන් මුන්ගෙ මොලේ කාබනික වෙලා