කාමර අල්ලාගෙන කබීර් හෂිම් රට යයි.. කර කියාගන්න දෙයක් නැතිව ලක්‍ෂමන් යාපා මාතරට ගෙදර..

June 9, 2017 at 12:00 pm | lanka C news
කාමර අල්ලාගෙන කබීර් හෂිම් රට යයි.. කර කියාගන්න දෙයක් නැතිව ලක්‍ෂමන් යාපා මාතරට ගෙදර..

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන් ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩ බාර නොගෙන සිටියදී ඇමැති කබීර් හෂීම් මහතා විදේශ ගත වී තිබේ.

නාර්යාලයේ කාමර ප‍්‍රශ්නයක් මත මේ වන විට රාජ්‍ය ඇමතිවයා වැඩ බාර ගෙන නැති අතර ඔහු චෝදනා කරන්නේ රාජ්‍ය ඇමතිවරයාට වෙන් කර තිබූ කාර්යාල කිහිපයක් ඇමති කබීර්ගේ කාර්ය මණ්ඩලය විසින් අල්ලාගෙන සිටින බවයි.

මේ හේතුවෙන් ඇමති කබීර් හසීම් යලි දිවයිනට පැමිණෙන තුරු රාජ්‍ය ඇමති අබේවර්ධන මාතරට වී බලා සිටීමට සිදුව ඇත.

66 views
Main News