කාර්යාල වේලාව වෙනස් කරයි..

April 14, 2017 at 10:00 am | lanka C news
කාර්යාල වේලාව වෙනස් කරයි..

නගරාශ‍්‍රිතව ඇති අධික රථ වාහන තදබදය අවම කිරීම සදහා නියමු වැඩසටහනක් ලෙස රජයේ කාර්යාලීය වේලාවන් වෙනස් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසන්නේ මේ සම්බන්දයෙන් දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවයි.

බත්තරමුල්ල අවට රජයේ කාර්යාල සදහා තුන් මාසයක කාලයකට එම නියමු වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද අමාත්‍යංශය සදහන් කරයි.

329 views
Main News