කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අත්අඩංගුවට ගැනිම ගැන ජනාධිපතිගේ මතය මෙන්න..

May 4, 2018 at 12:01 am | lanka C news
කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අත්අඩංගුවට ගැනිම ගැන ජනාධිපතිගේ මතය මෙන්න..

අල්ලස් ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයි.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම ගැන ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

අල්ලස් චෝදනාවක් මත ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියකු සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයකු අත් අඩංගුවට පත්වීම පිළිබඳව ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබේ.

මෙම සිද්ධියට සමබන්ධ නිලධාරීන්ගේ සේවය වහාම අත්හිටුවන ලෙස නියෝග කළ ජනාධිපතිතුමා ඔවුන්ට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අදාළ සියලු බලධාරීන්ට දන්වා සිටී.

අල්ලස් හා දූෂණයට එරෙහි රජයේ ස්ථිරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම මෙයින් තහවුරු වෙයි.

නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම් දරන රජයේ නිලධාරීන්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම පිණිස වර්තමාන රජය යටතේ ඇති කර තිබෙන ස්වාධීන සහ අපක්ෂපාතී පසුබිම පිළිබඳව තමා සතුටු වන බව ගරු ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය
2018.05.03

58 views

10 Comments to “කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අත්අඩංගුවට ගැනිම ගැන ජනාධිපතිගේ මතය මෙන්න..”

  1. සුපුන් says:

    අර සමාජයේ නුතන ජනශ්‍රුතියේ යෙදුමක් මතක් උනා
    දැක්කොත් බුවා නොදක්කොත් එබුවා කියල
    මේ කෙස් එකත් අන්න ඒ ජාතියේ එකක් බව තමා අපිටනම් බොහොම සුවර් .
    දැන් ඉතින් පෙරලුන පැත්ත ඊටවඩා හොදයි .
    බලන්න අපි යහපාලනයේ අය වැරදි කරුට කිසිම සමාවක් නෑ
    ඒකාලේ වගේද ?මෙන්න යහපාලනය .
    දැන් බලන්න රවිව අහක් කළා
    අර්ජුන් මහේද්‍රන් ගේ තරාතිරම බලන්නේ නැතිව ඉන්ටෙර්පොල් රතුවරෙන්තුවක් නිකුත් කරලා ආණ්ඩුවේ බලපෑම මත .ඉතින් මේක නෙවෙයිද යහපාලනය ?

    • Amda says:

      අරින්න එපා යහපාලක තුමෝ…අල්ලන්න මහ බැන්කු හොරුත් ඔය විදියටම 😀

  2. Niru says:

    Ayyo sirisena. How can anyone trust you your cabinet or your own staff any longer???

  3. Legal Eagle says:

    What happened to the request he made to the AG’s department to investigate about the bribery charges
    laid against a powerful minister in the previous government by Australian Government and black listed the
    Aus Construction Company involved. Does any one know the progress of it?

  4. Dushantha says:

    මතය වෑඩක් නෑ හලෝ. අන්න හූ ඈම් පී ගඳ නිව්ස් එක හෑම තෑනම ගඳ ගස්සනවා. ඔය බබා උකුන් තව දුරටත් මේ රටේ ජනතාව විශ්වාස කරන්නෙ නෑ. විලි ලෑජ්ජයි.

  5. සීගිරි says:

    මේ තකතිරැවන්ට නැවත නැවතත් තමන්ගේ ප්‍රධානීන්,නායකයන් ,පාලකයන් වන්නට ඉඩ තබනවාද යන්න ජනතාව තීරණය කල යුතුය….
    හොරකමෙන් දූෂණයෙන් මැර කමෙන් පිරි සදාචාරයක්,ලැජ්ජාවක්,බයක් නැති උන්ට මිලියන ගණනක් ජනතාවට නායකයන් පාලකයන් වන්නට ඉඩ හරින මේ චන්ද ක්‍රමය,පාර්ලිමේන්තු ක්‍රමය තව දුරටත් පලක් වේද යන්න ජනතාව තීරණය කල යුතුය…

  6. don katugampala says:

    RANIL “SET” KALA JANADIPATHIGE GOLAYO DENNA ATH ADANGUVATA GANNE,DEN JANADIPATHIYA BERENNA MASA 2 KAKA “BAILAVAK GAHANAVA, RANILTA ONE “VRDABALANA JANADIPATH” VASAYEN HARI DAVASAKATAVATH RAJA VENNA

  7. තෝර says:

    එතකොට ඇයි ගෙයක් අල්ලස් විදියට ගත්ත යු.ඇම්.පී. මහත්තයව අත් අඩංගුවට ගන්නෙ නැත්තෙ.? යහ පාලනය කියන්නෙ ‍තෝරුන් ට යන්න දීල හාල්මැස්සො අල්ල ගන්න එකද?

    • Open mind says:

      එහෙම නම් ඒකට මේක…..ගේම රෙපෝරුයි.දැන් සතුටු ද?

  8. Kosalaj says:

    What will really happen if inquiry is investigate impartiality?

Main News