කාර් එකක් කෝච්චියේ හැපේ.. දෙදෙනෙක් එතැනම මරුට.. දෙදෙනෙකුට බරපතලයි..
December 22, 2017 at 1:20 pm | lanka C news
දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් තවත් දෙදෙනෙකු රෝහල්ගත කර ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ මීගමුව කට්ටුව දුම්රිය හරස් මාර්ගයේදීය.
හලාවත සිට කොළඹ තෙක් ගමන් කල මන්දගාමී දුම්රියක මෙම මෝටර් රථය ගැටීවෙස් අනතුර සිදුව තිබේ.
රෝහල්ගත කර ඇති දෙදෙනාගේ තත්වයද බරපතල බව වාර්තා වෙයි.