කාර් දිහා බලන්නත් බැරිවෙයි.. ඉන්දීය කුඩා මෝටර් රථ මිල නැවතත් ඉහලට..

January 23, 2017 at 11:20 pm | lanka C news
කාර් දිහා බලන්නත් බැරිවෙයි.. ඉන්දීය කුඩා මෝටර් රථ මිල නැවතත් ඉහලට..

මරුටි සුසුකි සහ හුන්ඩායි මෝටර් ඉන්දියා සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන ‍මෝටර් රථවල මිල ගණන් ඉන්දියානු රුපියල් ලක්ෂයක් දක්වා වන මිල මට්ටම්වලින් ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව ඉන්දියා ටයිම්ස් පුවත් සේවය වාර්තා කර සිටී.

මෙම මිල ගණන් 2017 ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන බව අදාළ ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන් වේ.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, මෙම මිල ඉහළ දැමීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පවසන ඉන්දියා ටයිම්ස් පුවත් සේවය මෙහිදී වැඩිදුරටත් කියා සිටින්නේ සෑම වසරකම ජනවාරි මාසයේ දී ඉන්දීය මෝටර්රථ මිල ගණන් ඉහළ යාම සාමාන්‍ය සිදුවීමක් බවයි.

පෙර වර්ෂයේ අවසාන මාසයේ දී ගැණුම්කරුවන් ආකාර්ෂණය කර ගැනීම පිණිස විශාල වශයෙන් වට්ටම් ප්‍රදානය කරන මෝටර් රථ සමාගම්, එම හිඟය පියවා ගැනීමට නව වසරේ දී මෙලෙස මිල ඉහළ දැමීමේ උපක්‍රමය හරහා කටයුතු කරනු ලබන බව ද එහි සඳහන් වේ.

මේ අතර ඉන්දියාව තුළ මෝටර් රථ නිෂ්පාදනය කරනු ලබන අනෙකුත් නිෂ්පාදකයින් වන Toyota, Honda, Renault, Mahindra & Mahindra සහ Tata Motors සමාගම් ද සිට නිෂ්පාදිතවල මිල ගණන් මෙම වසරේ ජනවාරි මාසයේ සිට සියයට 3 ක් දක්වා වන මට්ටම්වලින් ඉහළ දමන බව දැනටමත් නිවේදනය කර තිබේ.

– biz.adaderana.lk

37 views

6 Comments to “කාර් දිහා බලන්නත් බැරිවෙයි.. ඉන්දීය කුඩා මෝටර් රථ මිල නැවතත් ඉහලට..”

  1. asaranaya says:

    අනේ පව් අනේ! අර කාර් නන්ඟී කාර් එකක් (මරුටී ) ගන්නකම් ඉන්න කෝ, රවියා රට ඉදලා ආ ගමන්ම අරන් දෙනවා කියලා ඊයෙ රාත්‍රි යහන් ගතවෙන විට මා සමග කිව්වා

  2. siri says:

    නිසි ප්‍රමිතියකින් තොරව , වංචනික ලෙස බාල කොටස් යොදමින් සාදනු ලබන බව පසක්වී ඇති සියලුම ඉන්දියානු වාහන නිකං දුන්නත් වැඩක් නෑ.වර්ජනය කරමු.

  3. chami says:

    ithin hondai ne

  4. සරත් says:

    අම්මෝ හොඳයි .ඉන්දියන් කබල් වල ගණන් වැඩි වෙන තරමට හොඳි.පරහට තියෙන්නේ මෙච්චර බදු ගෙවලත් ගන්න වෙන ජපන් වාහනේ රෙකොන්ඩිෂන් එකක් වෙන එකයි

  5. srilankan1815@yahoo.com says:

    Mokatada Car?
    Apita one kanna haal!

Main News