කාර් රථයේ අධික වේගය නිසා ජීවිත දෙකක් අහිමි වෙයි.. තවත් අයෙකුට බරපතලයි…
October 12, 2018 at 8:03 am | lanka C news
වවුනියාව, හොරොව්පතාන ප්රධාන මාර්ගයේ මඩුකන්ද ප්රදේශයේදී කාර් රථයක් හා ත්රීරෝද රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව වවුනියාව මඩුකන්ද පොලීසිය පැවසීය.
පොලීසිය පැවසුවේ වැසි සහිත අවස්ථාවකදී කාර් රථයේ අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වි කාර් රථය ත්රීරෝද රථයේ ගැටී ඇති බවටයි.
අනතුරින් ත්රීරෝද රථ රියදුරු හා ත්රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයෙකු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තෙ 58 හැවිරිදි රාජකරුණා නැමති පුද්ගලයෙකු සහ 42 හැවිරිදි ටී.බාස්කරන් නැමති පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත.
අනතුර සිදුවීමට හේතුව කාර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරි රිය පැදිවීම හා වේගය පාලනය කිරීමට නොහැකි වීම බවට මඩුකන්ද පොලීසිය සැක පල කර සිටියේය.
අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩුකන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Was the driver wearing an underwear ?
We have a serious problem with reckless driving and lack of road discipline. Please do not try to make fun out of it. Two people are dead. Can we laugh if it happens to us or our beloved.
I don’t think so