කාර් හීනෙන් බලන්නත් බැරිවෙයි.. මිල තවත් ඉහලටම යයි.. අයවැයෙන් වාහන මිල වෙනස මෙන්න

November 11, 2016 at 2:10 pm | lanka C news
කාර් හීනෙන් බලන්නත් බැරිවෙයි.. මිල තවත් ඉහලටම යයි.. අයවැයෙන් වාහන මිල වෙනස මෙන්න

2017 අයවැය යෝජනාවලිය අනුව 1000cc ට අඩු මෝටර් රථ රුපියල් ලක්‍ස දෙකකින් පමණ මිල ඉහල යන බව වාහන ආනයකරුවෝ කියති.

1800cc-2000cc කාණ්ඩයේ මෝටර් රථ ලක්‍ෂ 10කින් පමණ ඉහල යනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.

එසේම ත‍්‍රීවිලරයක් මිල රැපියල් 50000කින් ඉහල යනු ඇති අතර ත‍්‍රිරෝද රථ සදහා ලීසිං පහසුකම ලැබෙන්නේ වටිනාකමින් 25%කට පමණි.

කාර්, වෑන්, ජීප් සදහා ලීසිං ලබා දෙන්නේ වටිනාකමින් 50%කටයි.

ලොරි හා බස් රථ සදහා 90%ක් දක්වා ලීසිං පහසුකම් ලැබෙයි.

හයිබි‍්‍රඞ් වාහන සදහා මිලෙහි වෙනසක් නොවන අතර විදුලි මෝටර් රථවල සුළු මිල අඩුවීමක් වනු ඇතැයිද සදහන්ය.

326 views
Main News