‘කාලකන්නි වැඩ කරන්නෙපා ගෑණු දැනගන්..’ ඉරිදා පුද්ගලික උපකාරක පන්තියකට ආ භික්‍ෂුන් ගාලගෝට්ටියක..

July 22, 2019 at 1:20 pm | lanka C news
‘කාලකන්නි වැඩ කරන්නෙපා ගෑණු දැනගන්..’ ඉරිදා පුද්ගලික උපකාරක පන්තියකට ආ භික්‍ෂුන් ගාලගෝට්ටියක..

ඉරිදා දින පෙරවරුවේ දිවුලපිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගලික උපකාරක පන්ති පැවැත්වූ ස්ථානයකට ගොස් එම ප්‍රදේශයේ හිමිවරුන් කිහිප දෙනෙකු විසින් දැඩි චෝදනා එල්ල කරන ලදී.

දහම් පාසල් පවත්වන වේලාව තුල පුද්ගලික උපකාරක පන්ති නොපැවැත්විය යුතු බව උන් වහන්සේලා කියා සිටියහ.

එසේ පන්ති පැවැත්වූයේ ආසන්න පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරියක් බවටද හිමිවරු චෝදනා කළහ.

අගෝස්තු මාසයෙන් පසුව උපකාරක පන්ති පවත්වන්නේ නැතැයි ගුරුවරිය එකඟතාවයට පැමිණි පසු කලබල අවසන් විය.

114 views

74 Comments to “‘කාලකන්නි වැඩ කරන්නෙපා ගෑණු දැනගන්..’ ඉරිදා පුද්ගලික උපකාරක පන්තියකට ආ භික්‍ෂුන් ගාලගෝට්ටියක..”

  1. Rosh .S says:

    අපිත් බෞද්ධ ධර්මය පිළිපදින මිනිස්සු… නමුත් හාමුදුරුවරු මෙහෙම වෙන්ඩ-චන්ඩි වුනාම ඉබේම ලකුණු දාගන්න පිරිසක් ඉන්නව මෙව්ව ලෝකට පෙන්නලා බෞද්ධ ධර්මයට මඩගසන… මේ ගුරුතුමිය කරන දේ වැරදි උනත් ඇයට හරිදේ පෙන්නලා යහපත් ආකාරයෙන් වෛරය නොවැඩෙන ලෙස නිවැරදි කරගන්න තිබුණා,…. නමුත් මේ සිවුරුවස්සා ගිහින් ෆුල්ටොස් එකක් දුන්නා අපිට කෙලින්න බලාගෙන ඉන්න එන්ජීඕ කාරයන්ටයි ෆේස්බුක් වැස්සියන්ටයි.. අපේ ගෙවල් වලට ඇවිත් මෙහෙම කියන්න ආවොත් සිවුරට අගෞරවයක් නොවෙන විදිහට තර්කානුකූලවම කියනවා අඳනකඩේම සුළුදිය පහවෙන්න… පුළුවන්නම් ලංකාවෙ නිකායභේදය නතර කරන්න මේවගේ පෙරමුන් ගන්න කියනවා…. සමන්ත්‍රභද්දව තර්කයෙන් පරාජය කරන්න පුළුවන්ද කියලා අහනවා… අඩුකුලේ කියන ළමයින් මල්වතු අස්ගිරි පාර්ශවෙයේ පන්සල් වල මහණ කරන්න සටනක් දෙන්න කියනවා…. ඔය වගේම තව සෑහෙන දේවල් ටිකක් කිව්වම කළන්තේ දාලා වගේ යයි…

  2. Kadiya says:

    පාරේ දුවන බස්කාරයෝ අතරේ මගීන් නග්ගගන්න තියන තරඟයක් දහම් පාසල් බස් එක සහ පුද්ගලික උපකාරක පන්ති බස් එක අතර තියනවා වගෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක කැමති ආගමක් අදහන්නත් තමුන් කැමතිනම් ආගමක් නැතිව ඉන්නත් නිදහසක් තියනවා. ඔය ළමයි පුද්ගලික උපකාරක පන්ති නොගොස් වෙන කොහේහරි නොයාම කොතරම් අගනේද? ස්වාමීන් වහන්සේලා බලහත්කාරකම් කිරීම බුදුහාමුදුරුවන්ටත් බෞද්ධ දර්ශනයටත් කරන නිග්‍රහයකි.

  3. analyst says:

    this is a set up to disgrace monks
    a play being acted out
    Natyak ranga dakwanne bhikshunta nigraha kireemata da ?

  4. Aurora says:

    දොස්තරලා විතරක් නොවෙයි ඉස්පිරිතාලවල වැඩකරන තාක්ෂණික නිලධාරීන්, විවිධ ආයතන වල රියදුරන්, ඉංජිනේරුවන්, රසායනාගාර කාර්යමණ්ඩලවල සාමාජිකයන්, රේස් ඔට්ටුපොලවල ගණන් හදන ගණිත ගුරුවරුන්, රාත්‍රී මුරයකට විවිධ ආයතන වල ගිණුම් පරීක්ෂාකරන ගණකාධිකාරීන් සහ ආශ්‍රිත ලිපිකරුවන්, විවිධ පරිසර වාර්තා ලියා විකුණන නිලධාරීන්, පිට වැඩ කරණ මිනින්දෝරුවන්, තාක්ෂණික නිලධාරීන්, කුලියට මිනීමරණ ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් (වාස් පුතත් සමඟ හිරේ) රාජකාරි වෙලාවේ හෝ වේලාවෙන් පසු ගණිකා වෘතියේ යෙදෙන නිලධාරිනියන්, ආදී කී නොකී කී දෙනෙක් තමන්ගේ රැකියාවට අමතරව රැකියා කරනවද? ගුරුවරුන් හට පමණක් ඇඟිල්ල දික් කරන්නේ ඇයි. ප්‍රධානම දුෂණයක්නම් රජය සමඟ ව්‍යාපාර කරණ දේශපාලකයන් සහ උසස් නිලධාරීන්ය.

  5. සිංහලයා. says:

    අදහස් දක්කම හිතෙනවා මුන් ලංකාවේ ඉන්න බෞධයෝද කියල, සංසන්දනය කරලා බලපල්ලා මුස්ලිම් පල්ලියාක සැම දවසකම සවස අනිවාර්යයි ළමයින් පල්ලියට එවීම ආගම ඉගෙන ගැනීමට, සම සිකුරාදා දිනකම අනිවාර්යයි පල්ලියට ගොස් ආගම ඇදහීම। දවසකට 5 සැරයක් අනිවාර්යයි ආගම ඇදහීම। අපේ උන්ට පෝයක් ඉරිදාවක් විතරයි තියෙන්නේ පන්සලකට යන්න එකටත් ගුගොඩේ තියන සල්ලි දිවෙන් ගන්න ගුරුවරු සල්ලි වලට ආගමත් විකුණන් කනවා।

  6. saranapala says:

    ඉරිදා උදය වරුවේ අමතර පන්ති නවත්තනවනම් ,මේ රටේ සියලුම ඉරිදා පන්ති නැවැත්විය යුතුයි .එක් ගුරුවරියකට මෙසේ පැමිණ දෝශාරෝපනය කරන්ට ඇති අයිතිය කුමක්ද ?කොහේ තියෙන නීතිද මේ ?දරුවන් ඉදිරිපිට තම ගුරුමතාවට ස්වාමීන් වහන්සේ කල වාග් ප්‍රහාරය අන්තිම කැතයි .ඉරිදා උදය වරුව දහම් පාසල් පවත්වා දරුවන්ට හොඳ ගුණධර්ම කියාදීම ඉතා හොඳ වැඩක් .නමුත් දහම් පාසල් තුල මේ දෙය හරියාකාරව සිදුවෙනවද ?(වැඩි ප්‍රමාණයක නැත) .එතන කරන්නෙත් තර්ගෙන්ට විභාග පවත්වන ටිවුටරි වගේ .දහම් පාසල් හරියාකාරව කටයුතු කරානම් ,අද මේ රට මීට වඩා ගොඩක් වෙනස් .

  7. වයිස් ප්‍රින්සිපල් නෝනා says:

    ටියුශන් නොකර ගෙයි ඉතුරු වැඩ ටිකයි, කාර් එකේ ෆිනෑන්ස් එකයි ගෙවන්නේ කොහොමෙයි, හාමුදුරුවනේ..

  8. Buddhist says:

    Me teacher ge gedera ringala yaka natapu hamudurunamata e teacher kanata deyak gala elwannai Tribune. Me wage ewun thamai rata kane.

  9. Gonsun says:

    When Bddhism got distorted with Hinduism and Jainism during Mogul.Invasion if India,
    28 Buddhas came to Buddhism to compete with 28 Mahaweeras of Jainism

    All Buddhas spoke Pali, had AryannNames.
    Billion years each buddha, the world breaks up and forms new, Buddhas are borne only in.India, becoes Buddhas only in Buddhagaya.

    What rubbish.
    First Gods were automatic Satarawaram.

    Priests, read Jagga Sutra in Thripitaka.
    Buddha bans all those saying Animal Science.

    Go to jungles, meditate and get out of births.

  10. Yohan says:

    දැන් හැදෙන ලමයි දහම් පාසල් යන්නැති නිසා රටේ අනාගතේට මොකක් වෙයිද කියලා හිතාගන්න බෑලු.. දහම් පාසල් ගියපු පරම්පරාවෙ වැඩ නිසා ලංකාව දැන් මේ හෙන සුරපුරයක් වෙලානෙ තියෙන්නෙ😏

    අනේ නිකං පලයං බං යන්ඩ..!

Main News