කාලගුණය තවත් රළු වෙයි.. මහ වැහි එයි..

May 20, 2018 at 12:40 pm | lanka C news
කාලගුණය තවත් රළු වෙයි.. මහ වැහි එයි..

නිරිත දිග මෝසම් වර්ෂාව ස්ථාපිත වෙමින් ඇති නිසා ශ‍්‍රී ලංකාවේ නිරිත දිග බෑවුමේ වැසි තත්වය ඉහල යා හැකි යයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මිලිමීටර 150 ඉක්මවූ වර්ෂාපතනයක් සබරගමුව පළාතේ ඇතැම් ප‍්‍රදේශයන්ට ඇදහැලෙනු ඇතැයිද ඔවුන් කියා සිටී.

බස්නාහිර, මධ්‍යම, ඌව පළාත්වල හා ගාල්ල මාතර දිස්ත්‍රික්කවලද මිලිමීටර් 100 ඉක්මවන වර්ෂාපතනයක් ඇතිවනු ඇතැයිද දෙපාර්තමේන්තුව දන්වයි.

323 views
Main News