කාලිංග මාඝ යුගය හා රනිල්-සිරිසේන යුගය සමාන වෙයි..

May 11, 2018 at 6:26 am | lanka C news
කාලිංග මාඝ යුගය හා රනිල්-සිරිසේන යුගය සමාන වෙයි..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

රටම ආන්දෝලනාත්මක තත්වයකට ඇද දමමින්, වසර දහස් ගනනක් නිරුපද්ධිතව පැවතුණු  විජිතපුර පරිවාර බලකොටුවක් වුණු , නිවාස සංවර්ධන අධිකාරියෙන් බුල්ඩෝසර් කරලා විනාශ කරනවා.  ඊට අවසරය ලබා දීලා තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් බව නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරීන් කියනවා.

වසර දහස් ගණනක් උතුරු නැගෙන හිර සහ රටේ අනෙකුත් ප්‍රදේශවල නිරුපද්‍රිතව  පැවැති වටිනා බෞද්ධ උරුමයන්  පසුගිය වසර තුනේ මහ පරිමාණයෙන් ඉතාම සැලසුම් සහගතව විවිධ බොරු හේතු දක්වමින් විනාශ කරමින් පවතිනවා. මේ විනාශ කරන්නේ අපේ උරුමය විතරක් නොවෙයි. අපේ ඉතිහාසයේ කතන්දරයේ ජීව මාන සාක්ෂියි.  අපි කවුදැයි අපට අමතක කරවීමට ජාත්‍යන්තර ප්‍රජාව එන් ජී ඕ හරහා උත්සහ දරද්දී අපේ ඉතිහාසය අපට නිහඩව උගන්වමින් සිටින පිරිස තමයි පුරා වස්තු කියන්නේ.

මේ පුරාවස්තු විනාශය දෙස බලද්දී කාලිංග මාඝ යුගයයි රනිල් – සිරිසේන යුගයයි අතර කිසිම වෙනසක් නෑ කියලා අපට කියන්න පුළුවන්.

පුරාවිද්‍යා ආඥා පනත හරිම බලගතුයි. මේ නීතිය යටතේ අත් අඩංගුවට ගත් අයෙකුට ඇප ලබා ගන්න පුළුවන් ඉහළ උසාවියෙන් පමණයි.  එහෙම තිබියදිත් බලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකර ඉන්නේ ඇයි  කියන ප්‍රශ්නය අපට තියෙනවා. මේ පුරාවස්තු විනාශයට නීතිය ක්‍රියාත්මක නොකර නිහඩව ඉන්න ආණ්ඩුව උත්සහ කලොත් මහ සඟරුවන පාරට බැහැලා රට තුල වෙනත් කලබල නොසන්සුන් තා ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා  තරාතිරම නොබලා වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න කියලා අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

92 views

5 Comments to “කාලිංග මාඝ යුගය හා රනිල්-සිරිසේන යුගය සමාන වෙයි..”

  1. ExUNPer says:

    Thank you Hon. Udaya Gammanpila for your continual voice, effort, analysis, etc ….all that for saving our country. ( I mean your objective is not taking revenge, but merely to help the country, unlike many stupid politicians). This must be appreciated by every citizen irrespective of the party.

  2. JANA says:

    Dear Udaya,
    I am very proud of you. Keep up the good work. It’s very important
    that you explain the current situ. in Sri Lanka this way because any one can undrestand
    you. Most Politico’s do not have that ability.
    I am shocked that,, why it took so long for you to understand PACHA RANAWAKA.
    Tell all Sri Lankans ( Specially Singhala Budhist) that P.C.R. is the most THAKKADIYA
    and Wolf in our political history.
    Take Care.

  3. crazy says:

    Yeah..petty politicians destroyed the confidence on all national movements…but, we still count on Udaya…

  4. sinha le says:

    දැන් බලන්න, උතුරු-නැගෙනහිර දෙමළ නිජභූමිය කියලා පිළිගන්න බෙදුම්වාදීන් බල කරනවා. හැබැයි බුදුහාමුදුරුවෝ ලංකාවට ඉස්සෙල්ලාම වැඩියේ ඔය කියන නිජභූමියේ තිබෙන නාගදීපයට. සිරිමහ බෝධිය ගෙනාවේ ඔය කියන නිජභූමියේ දඹකොළ පටුනට. හේමමාලා දන්ත කුමරු එන්නේ ඔය කියන නිජභූමියේ ලංකා පටුනට. තපස්සු භල්ලූක ලෝකයේ පැරණිම දාගැබ ඉදිකරන්නේ ඔවුන් කියන දෙමළ නිජභූමියේ. එතකොට පැහැදිලියි, මිහිඳු හාමුදුරුවෝ වඩින්නත් කලින් ඉඳන් උතුරු-නැගෙනහිර පළාතේ බෞද්ධයෝ හිටියා. හෙලයනි ජීවිතය පුදා අපේ සිංහලේ රැකගමු

Main News