කාලෝ සයිටම් උපාධිය පිලිගත යුතුයි.. නැතොත් දඬුවම් ලැබිය යුතු වරදක්.. – SB

February 22, 2017 at 6:48 pm | lanka C news
කාලෝ සයිටම් උපාධිය පිලිගත යුතුයි.. නැතොත් දඬුවම් ලැබිය යුතු වරදක්.. – SB

අධිකරණය විසින් ලබා දී ඇති නියෝගය අනුව සයිටම් වෛද්‍ය උපාධිය පිලි නොගැනීමට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කටයුතු කරන්නේ නම් ඔහුට එම තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව ඇමති එස්.බී දිසානායක මහතා පවසයි.

‘දැන් කාලෝ ෆොන්සේකාගේ වයසත් හරිනේ. ඔහුට ඉල්ලා අස්වෙන්න පුළුවන්. අධිකරණ තීන්දු එක්ක එහෙම සෙල්ලම් කරන්න බෑ.

ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් උපාධිය ලියාපදිංචි කරන්න කියලා එය කළ යුතුයි. නැත්නම් එයාට තනතුරේ ඉන්න බැහැ. රටේ නීතිය ඒකයි. අධිකරණයට අපහාස කිරීම දඩුවම් ලැබිය යුතු වරදක්’

113 views