කාවන්තිස්ස රජු ඉදිකල විහාරයක් බලෙන් අල්ලාගෙන.. අවසතු කරන්න යනවා..- මහ නාහිමියන් දන්වති..

October 20, 2021 at 6:20 am | lanka C news
කාවන්තිස්ස රජු ඉදිකල විහාරයක් බලෙන් අල්ලාගෙන.. අවසතු කරන්න යනවා..- මහ නාහිමියන් දන්වති..

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නාහිමි දොඩම්පහල චන්දසිරි මහනායක හිමිුයන් විසින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා
අගමැති කාර්යාලය,
කොළඹ.

ගරු අගමැතිතුමනි

සේරුවිල මංගල රජමහා විහාරය සතු ඉඩම් අවසතු කිරීම සම්බන්ධවයි.

ත්‍රිකුණාමල දිස්ත්රික්කයේ තෝපූර් හි පිහිටි මංගල රජමහා විහාරය සතු සාංඝික ඉඩම් එහි මේ වෙනවිට බලහත්කාරයෙන් රැඳී සිටින භික්ෂූන් විසින් අවසතු කිරීමට සැරසෙන බවට මා වෙත කරුණු වාර්තා වී ඇත .

සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයෙහි නඩු කිහිපයක් විභාග වෙමින් පවතී.

එවැනි පසුබිමක් තුළ මේ ආකාරයෙන් සඟසතු දේපල අවසතු කිරීමට හෝ බදු දීමට කිසිදු නෛතික බලයක් එහි බලහත්කාරයට රැඳී සිටින භික්ෂූන් වහන්සේලාට නොමැත. කාවන්තිස්ස මහරජතුමා විසින් මේ සියලු චංචල නිශ්චල දේපල චුල්ලපිණ්පාතිකතිස්ස මාහිමියන් ප්‍රධාන සංඝරත්නයට අතපැන් වත්කර සඟසතු කොට පිදු බව ධාතුන්වහන්සේ එහි පැහැදිලිව සඳහන් වී ඇත.

එහෙයින් මේ සේරුවිල මංගල රජමහා විහාරය සතු ඉඩම් අවසතු කිරීම ක්‍රම විරෝධී හා නීති විරෝධී වන බැවින් මේ පිළිබඳව සොයා බලා මා වෙත දන්වා එවන ලෙස කාරුණිකව ඉල්ලමි.

මේ වන විට සේරුවිල මංගල රජමහා විහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කීපයක් විභාග වන බැවින් විහාරස්ථානය තුළ නව ඉදිකිරීම්, භූමිය කැණීම්, හා ඉඩම් සම්බන්ධව යම් තීන්දු තීරණ ගැනීමට ප්‍රථම මා දැනුවත් කරන ලෙස ද වැඩිදුරටත් දන්වා සිටිමි.

දොඩම්පහල චන්දසිරි මහනායක ස්වාමීන් වහන්සේ
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාහිමි

27,561 views

9 Comments to “කාවන්තිස්ස රජු ඉදිකල විහාරයක් බලෙන් අල්ලාගෙන.. අවසතු කරන්න යනවා..- මහ නාහිමියන් දන්වති..”

  1. Fernando says:

    These bikshus are fantastic group.

  2. Samson says:

    මොකද . හාමුදුරුවනෙ කරන්නෙ අපි 69 ලක්ෂෙ හදපු ආන්ඩුව වත් තිබුනනම්

  3. Simiyon says:

    කවුද මේකටත් කෙලින්න යන්නෙ ? මහමෙවුනාවේ කිරිබත්ගොඩ නායක පූසාරිද??

  4. මහජනතාව says:

    මහමෙවුනා අසපුවෝ මේ කරන දේ ඉතාම වැරදියි.

  5. ඥානසාර හිමියනි වඩිනු මැනැවි says:

    ඥානසාර හිමියනි , මේ පුදබිමට වැඩම කර ධර්ම විකෘතික මහමෙවුනා අසපු සංචිතයෙන් මේ පුරාවිදු බිම බේරා ගනු මැනැවි

  6. Kalu Albot says:

    Me kahakadayin Vihaara bedaa ganeeemata “Kehe-walu” patalawaa ganeema” Buddha saasanetath Nindaawak. Me kiyana Bhhmiya wahaama ekee pradeshaye pohottu manthree warayaata Pawaraa demu!!!

  7. LalithM says:

    සංඝයා සියල්ල අතහැර සසුනට එකතුවෙනව කියල මම අහල තිබුනේ. ඒ වුනාට මුන්ට ලොකු පන්සල්වල සැප ගන්න කුලල් කා ගන්නවා.නිකාය කියල මොකක්ද මගුලකුත් අටවාගෙන පඳුරක් ගානේ බලු කපුටු ගානට මහානායකයෝ.පන්සල්වල තියෙන සල්ලි සුඛ විහරණය සහ උන්ගේ පවුල්වල වියදම සඳහා. මේ ධනය ටිකක් හෝ බෞද්ධ දරුවන්ට අනාගත යහපතට යොදන වැඩ කරන්න මුන්ට බැරිද. කොළඹ එක පන්සලක ඒක ඉහලින්ම කරනවා නම නොකිව්වත් දන්නව ඇති.

  8. බිංකුණ්ඩා says:

    බුදුදහම වලපල්ලට ගියාදෙන්… අපි පන්සල් වලට අයිතිවාසිකම් කියාගෙන නඩු කියාගෙන අන්‍යාගමිකයන් අතර විහිළුවක් වෙමු

  9. 3% ට බය බයියා. says:

    කැළණියේ නාගරාජයා ගේ ශාපය හාමුදුරුවරුන්ට වැදිලා තියෙන්නේ .