කාවින්ද ජයවර්ධන- ජෝෂප් මයිකල් එලිපිට කාකොටාගනී.. මල පැන උත්සවයටත් නොඉද පිටව යයි..

February 4, 2019 at 3:24 am | lanka C news
කාවින්ද ජයවර්ධන- ජෝෂප් මයිකල් එලිපිට කාකොටාගනී.. මල පැන උත්සවයටත් නොඉද පිටව යයි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන හා එජාප ජා-ඇල සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා අතර උණුසුම් වචන හුවමාරුවක් ඊයේ පැවති උත්සවයක් ආරම්භයට පෙර සිදු විය.

දහම් පාසැල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට මුල්ගල තැබීමේ අවස්ථාව සදහා සවිකර තිබූ බැනරයේ තම නම නැති බව පවසමින් ජෝසප් මයිකල් පෙරේරා මහතා කෝපයට පත්ව මුලින් අදහස් පල කල අතර මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධනද ඊට ප‍්‍රතිචාර දැක්වීය.

ජෝෂප් මයිකල් පෙරේරා මහතා උත්සව ආරම්භයටත් පෙර එම ස්ථානයෙන් පිටත්ව ගියේය.

262 views

10 Comments to “කාවින්ද ජයවර්ධන- ජෝෂප් මයිකල් එලිපිට කාකොටාගනී.. මල පැන උත්සවයටත් නොඉද පිටව යයි..”

  1. Heenamanaya says:

    Wala payai, goda payai thiyagena inna ekalage num danne mokatada kiyala Kavinda kalpana karanna athi!
    Kohoma unath meken penenawa munge thibena heenamanaya!

  2. විස්වා says:

    ජෝසප් මය්කල් කියන්නේ JRගේ කාලේ ඉඳලා පක්ෂෙට දර දිය ඇද්ද කෙනෙක්. ඔහොම කරන්න එපා.

    • Saradiel says:

      ජෝෂප් මයිකල් මහතා තුඩැල්ල ,ජා-ඇල ප්‍රදේශයට විශාල සේවයක් කල , දේශපාලකයෙක් …එතුමාගේ නම නො යෙදීම අසාධාරණයි
      දේශපාලකයන්ගේ නම් ජනතා මුදල් වලින් ගොඩනගන දහම් පාසැල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ බැනර වලට අවශ්‍ය නැත ..නමුත් දැන් කාලේ සෑම දේශපාලකයෙක්ම තමන්ගේ නම් ඒවාට යොදාගනී .ඇත්තෙන්ම මෙය නතර කල යුතුයි .

      • ලිහිණි says:

        දේශපාලනඥයා යනු පොදු මිනිසෙකි. ඔහු පොදු සතුරෙක්‌ නොවිය යුතුය. ඒ නිසා රටේ ධනය ගැන ඔහු ඉතා කල්පනාවෙන් කටයුතු කළ යුතුවෙයි. රටේ ධනය යනු මහජන දේපළය..දහම්පාසලක් , ගොඩනැගිල්ලක් සාදා . ඔවුන්ගේ නම බැනරයක යෙදු පමණින් ඔහු ඒ පොදු දේපළ අයිතිකාරයා නොවේ එය මහජනයා සතුය එසේනම් ඒ පලකවල ඔවුන්ගේ නම් යොදන්නේ කුමකටද ?
        මොන විහිලුවක්ද ? රටජාතිය වෙනුවෙන් දිවිපිදු වීරයන්ගේ නමක් දීම වඩාත් යහපත්ය

  3. පුස් පැටියා says:

    කැතයි කැතයි. ඊයේ පෙරේදා ආපු කාවින්ද ඔය ගහන්නේ රනිල්ට නේ සජිත් හරහා

  4. ගන්ජ බන්ඩා says:

    ‘යහපාලනේ’ මුන් කොරන්නෙ ජනතා සේවයක්ද නැත්නම් මහජන දේපොල හොරා කන්න තම ප්‍රතිරෑපය හදා ගන්න එකද?

  5. david milibanda says:

    UNP harak ana gani………..

    • maraya says:

      UNP කලුසුදන්ගේ මිෂනාරි වැඩ ? මේ රටේ කොතරම් දුප්පත් පාසැල් තියනවද ?
      සර්වාමික දහම්පාසැල් හැදීමට පෙර රටේ ගම්බද ,දුෂ්කර පළාත් වල පාසල් සිසුන්ට අධ්‍යාපනය කරන්න පහසුකම් සැපයිය යුතුයි …මේ සවිකර ඇති බැනර වල දේශපාලුවන්ගේ නම් යොදන්නේ කුමකටද ? මේ මුදල් ඔවුන්ගේ පුද්ගලික ධනය නොවේ ..මේවා මහජනයාගේ බදු මුදල් ….මේ UNP දේශපාලුවෝ පිස්සු නටනවා ..ජන්දේ ලග නිසා මේ සේරම ජනතාව මුලා කිරීමට කරන වැඩ

  6. david milibanda says:

    Wassekuta ang awilla.

  7. Saman says:

    Kallathoni dahampasal

Main News