කාෂිකර්මයට, ගොවීන්ට වත්මන් රජය තරම් සේවාවක් මෙතෙක් පැවති කිසි රජයක් කර නෑ…- ජනාධිපති
April 9, 2017 at 9:20 am | lanka C news
මේ රටේ කෘෂිකර්මාන්තය ඉහල නැංවීමටත් ගොවින්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට තම රජය ඉටු කර ඇති සේවාව මෙරට පැවති වෙනත් කිසිඳු රජයක් ඉටු කර නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ අනුරාධපුර ජයසිරි මහ බෝධිය අභියසදී පැවති අලූත් සහල් මංගල්‍යයට එක්වෙමිනි.
මෙරට ජනාධිපති ධුරයට ගොවියෙක් පත් කර ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීම සදහා තමන් උපරිමයෙන් කැපවී සිටින බවද කී ජනාදීපතිවරයා ඉදිරියේදී එහි ප්‍රතිඵල හිමිවනු ඇතැයිද කියා සිටියේය.