කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහලට….

April 13, 2022 at 7:10 pm | lanka C news
කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහලට….

කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුනු අධික වර්ෂාවත් සමග ජලාශයේ ජල මට්ටම අඩි 10 කින් ඉහල ගොස් ඇති බව එම ජලාශ භාර ඉන්ජිනේරුවරයෙකු පැවසිය.

කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වන හැටන් , නෝර්වුඩ් යන ප්‍රදේශ වලට ඇද හැලුනු අධීක වර්ෂාවත් සමග ජලාශයේ ජල මට්ටම අඩි 10 කින් ඉහල ගොස් තිබු බවයි එම ජලාශ භාර ඉන්ජිනේරුවරයා කියා සිටියේ.

කාසල්රි ජලාශයේ වේල්ලේ උස මට්ටම අඩි 155 ක් වන අතර මේ වන විට එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 41 ක් පහල බැස ඇති බවයි එම ජලාශ භාර ඉන්ජිනේරුවරයා කියා සිටියේ.

කාසල්රි ජලාශයෙන් ලබා ගන්නා ජලයෙන් විමලසුරේන්ද්‍ර ,ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලිය උත්පාදනය කරනු ලබයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

23,198 views

One Comment to “කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහලට….”

  1. BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

    මට ඩුබායි හි සුපිරිම විලා එකක් මිලට ගැනීම මට ඕනැ , අපි රජාන්ගනේ වඩුමුන්න වලව්වේ හාමුල. BOC එකේ වැඩකරන රුක්මන් මස්සිනාගේ කලු dote ට මගුලට තැගි දෙන්ඩ.

    ලොකුමල්ලි, ඩොමිනික් මල්ලි, උපුල් මල්ලි පිනට ගල් අරක්කු බොමුද

Main News