කාසල්රි ජලාශයේ ජල මට්ට්ම අඩි 22 දක්වා පහල බසී..

February 2, 2019 at 2:05 am | lanka C news
කාසල්රි ජලාශයේ ජල මට්ට්ම අඩි 22 දක්වා පහල බසී..

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ට්ම පිටාර මට්ටමේ සිට අඩි 22 දක්වා පහල බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

ජාතික විදුලි බල පද්ධතියට ජල විදුලි උත්පාදනය සදහා විමලසුරෙන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවලට ජලය ලබා ගන්නා කාසල්රි ජලාශයේ ජල මට්ට්ම පහල වැටිම නිසා ජලාශයේ දුපත් ගණනාවකම ජලයෙන් යට වි තිබු දුපතේ කොටස් මතු වෙමින් පවති.

කාසල්රි ජලාශයේ ජල මට්ට්ම පහල බැසිමත් සමග ජලාශ අවට රක්ෂිතවලට කිසියම් පිරිසක් විසින් ගිනි ගැබිම හේතුවෙන් ජලාශය අවට දැඩි පරිසර විනාශයක්ද සිදු වි ඇත.

කාසල්රි , මවුස්සාකැල,කොත්මලේ සහ ඉහල කොත්මලේ  ජලශවල ජල මට්ටම පහල බැසිම  නිසා එම ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය මෙමස තුල ක්‍රියාත්මක කිරිමට ලංකා විදුලි බල මණ්ඩය සැලසුම් කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

34 views
Main News