කාසල්රි ජලාශ රක්ෂිතයේ කොටසක් නායයයි, තවත් කොටසක් නායයාමේ අවධානමක…

October 7, 2019 at 2:13 am | lanka C news
කාසල්රි ජලාශ රක්ෂිතයේ කොටසක් නායයයි, තවත් කොටසක් නායයාමේ අවධානමක…

කාසල්රි ජලාශ රක්ෂිතයේ කොටසක් කාසල්රි ජලාශයටම නාය ගොස් ඇත.

නොර්වුඩ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය කාසල්රි ජලාශයට එක් වන නොර්වුඩ් වත්ත ප්‍රදේශයෙන මෙසේ නාය ගොස් තිබේ.

නායයාමත් සමග විශාල පස් කන්දක් ජලාශයට නායගොස් ඇති අතර , තවත් එවැනිම රක්ෂිතයේ කොටසක් නායයමේ අවධානමට ලක් වි තිබේ.

ඊයේ පස්වරුවේ නොර්වුඩ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නොර්වුඩ් තේ වත්තේ සිට ජලාශයට විශාල ජල පහරක් ජලාශයට ගලා බැසි ඇති අතර එම ස්ථානයෙන මෙසේ නාය ගොස් ඇත.

පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ

2,449 Viewers

Leave a Comment

Main News