කාසල්රි, මවුස්සාකැලේ, කොත්මලේ අඩියටම හිදේ..
April 5, 2019 at 8:02 am | lanka C news
ජාතික විදුලි බල මණ්ඩලය යටතේ පාලනය වන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම තවදුරටත් පහල බැස ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද (04) වන විට පිටාර මට්ටමේ සිට අඩි 67 පහල බැස ඇති අතර , දැනට එහි ඉතිරිව තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සදහා ලබාගත හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.
කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 50 දක්වා පහල බැස ඇති බවත්, එහි දැනට ඉතිරිව තිබෙන ජල ධාරිතාවෙන් අඩි දෙකක් පමණක් විදුලි උත්පාදනය සදහා ජලය ලබා ගත හැකි බව විදුලි බල මණ්ඩලය කියයි.
මේ අතර මහවැලි සංවර්ධන අධිකාරි කාර්යයාලය යටතේ පාලනය වන කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 60 දක්වා පහල බැස ඇති බවත්, එම ජලාශයේ දැනට ඉතිරිව 31% ජල ධාරිතාවක් පවතින බව එම විදුලි බලාගාර ඉන්ජිනේරුවන් කියා සිටියි.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහල බැසිමත් සමග කොත්මලේ ජලාශය ඉදි කිරිමේ දි ජලාශයට යට වු කඩදොර රජ මහ විහාරය සහ තිස්පනේ විහාරය මේ වන විට මතු වි ඇති අතර එම නටබුන් දැක බලාගැනිමට විශාල පිරිසක් දිනපතා එම ජලාශයට පැමිණෙමින් සිටියි
– හැටන් රංජිත් රාජපක්ෂ
තව කපන්න දීපන් රක්ෂිතය අර බදුදින්ට ඒ කපලා සරණාගතයෝ ගෙනත් පදිංචි කරපන් ඌට හොඳට මුස්ලින් චන්ද ටිකක් වැඩියෙන් ලබාගන්න.එතකොට හොඳටම පායයි හඳ වැස්ස වෙනුවට ඇයි ගස්කොළ නැතිව කාන්තාරයක් කළපසු අරාභිය විදියට.නොදෝමකින් මෙහෙමත් කලකන්නියෝ අපේ රටේ සිටින.ලැජ්ජයි!!
ඉන්දියාවේ තිරුපති වදින්න යන පාලකයන්ට ඇමතිලා රටට කරන විනාශය ගැන සොයන්න වේලාවක් නැහැනේ ….සුලුජාතිකයන්ට ඕනෑම අපරාධයක් විනාශයක් කිරීමට දැන් බලය තියනවා ..කදුකරේ දැන් වන රක්ෂිත ගිනි තියලා කැලා එලිකරලා වතුකරේ දෙමළ කොළණි හදනවා ..රටේ හැම තැනම ගස් කපනවා ..දේශගුණය වෙනස් වීම පුදුමයක්ද ?පුදුමය රටේ මහජනතාව නිහඩව සිටීමයි