කාසල්රි, මවුස්සාකැලේ පතුලටම හිදෙයි.. ජලාශ හරහා පා ගමනින් යා හැකියි..
March 11, 2022 at 2:10 am | lanka C news
ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල ධාරිතාව තවදුරටත් සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසිය.
මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 135 වන අතර , එම ජලාශයේ ජල මට්ටම අඩි 55 කින් පහල බැසි ඇති බවත්, කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 වන අතර , එම ජලාශයේ ජල මට්ටම (09) දින වන විට අඩි 40 කින් පහල බැස ඇති බවද ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසිය.
මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලාශයට යට වු පැරණි මස්කෙලිය නගරයේ පන්සල , කොවිල් සහ මුස්ලිම් පල්ලියේ නටබුන් ජලාශයේ ජල මට්ටම අඩු විමත් සමග මේ වන විට පැහැදිලිව දිස්වෙයි.
කාසල්රි ජලාශයේද ජල මට්ටම අඩුවිම නිසා එම ජලාශය ඉදිරිමේදි යට වු හින්දු කොවිලක නටබුන් මතු වි ඇති අතර , ජලාශයේ දුපත් රැසකට මේ නිසා පාගමනින් ගමන් කිරිමට හැකියාව ලැබි ඇත.
එම ජලාශ දෙකේනම ලබා ගන්නා ජලයෙන් ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සිදු කරනු ලබයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
Raju dahamiya, Nisi kalata wesi.