කාසල්රි රක්ෂිතයත් ගිනිගනී..
February 14, 2020 at 2:02 am | lanka C news
කාසල්රි ජලාශ රක්ෂිතයේ (13) දින පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලි වත්ත ප්රදේශයෙන් පස්වරු 5 ට පමණ ගින්න හටගෙන තිබුණි.
සිංගිමලේ රක්ෂිතයේ ගින්න නිවිමට පැමිණි ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානය කාසල්රි ජලාශයෙන් ජලය ලබා ගත් ස්ථානයට ආසන්නයේම මෙම ගින්න හටගෙන තිබුණි.
ගින්නෙන් අක්කරයක පමණ රක්ෂිතයේ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.
කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව නොර්වුඩ් පොලිසිය සැකකරයි.
ගින්න පිලිබදව නොර්වුඩ් පොලිසිය සැකකරයි.
– හැටන් රංජිත් රාජපක්ෂ