කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…
April 9, 2022 at 2:18 am | lanka C news
මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති.
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය , ශ්‍රි පාද නල්ලතන්නිය , අප්කට් , සාමිමලේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව පතිත වු බව ප්‍රදේශවාසින් පැවසිය.
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පසුගිය දිනවල පැවති අධික වියළි කාලගුණයත් සමග පහල බැස තිබු අතර , මේ වන විට එම ජලාශයේ වේල්ලේ අඩි 120 සිට අඩි 48 දක්වා පහල බැස ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.
මේ අතර කාසල්රි ජල පෝෂක ප්‍රදේශ වන හැටන් , නොර්වුඩ් , බගවන්තලාව යන ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙමින් පවති.
පවතින වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ යලිත් සක්‍රිය වි ඇති බවද හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
මේක අනිවාර්යෙන් ගෝටා චීන්නුන්ට කියලා ආකාසේ වළාකුල් වලට තෙල් ගහලා ඇතිකරන වැස්සක් ඊයේ පෙරේදා ප්ලේන් කෙරකුනේ මේක තමයි .වස්සොත් ඔක්කොම වතුරේ .රට විනාශ කරන්න තිබෙන අන්තිම අවස්ථාව නැතිවෙනවා
😂😂😂
Toi jeppanta mewa hena wadenawa wage ….. 🙂
🤣👍
උද්ගෝෂණ වල ආනිශංෂ වහිනව ජලාශවලට…තෙලූත් ඩොලරුත් ලැබේවි.
Basil ge sapen rata galawila wage…………………….
යකෝ ඒක ඩොලර් වැස්සක්!