කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…

April 24, 2022 at 6:20 pm | lanka C news
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබෙමින් පවති.

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය , ශ්‍රි පාද නල්ලතන්නිය , අප්කට් , සාමිමලේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව පතිත වු බව ප්‍රදේශවාසින් පැවසිය.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පසුගිය දිනවල පැවති අධික වියළි කාලගුණයත් සමග පහල බැස තිබු අතර , මේ වන විට එම ජලාශයේ වේල්ලේ අඩි 120 සිට අඩි 40 දක්වා පහල බැස ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

මේ අතර කාසල්රි ජල පෝෂක ප්‍රදේශ වන හැටන් , නොර්වුඩ් , බගවන්තලාව යන ප්‍රදේශවලට අධික වර්ෂාව ලැබෙමින් පවති.

පවතින වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ යලිත් සක්‍රිය වි ඇති බවද හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

හැටන් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගය හරහා වැසි ජලය ගලා බැසිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

20,155 views

4 Comments to “කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…”

  1. David Milli-banda says:

    SHOWERS OF BLESSINGS !

    • GU-VP SAKKILI API says:

      නොදකින් වහල light කපන්ඩ බෑ, රට කෙලවන්ද හනකොට හෙනහුරා පත වෙනවා ,
      ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

    • GU-VP SAKKILI API says:

      නොදකින් වහල light කපන්ඩ බෑ, රට කෙලවන්ද හනකොට හෙනහුරා පත වෙනවා ,
      ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

  2. දිස්නා says:

    හැරී ජයවර්ධන මහතා ට ස්වර්ගයේ දොරටු විවෘත වේවා 🙏🙏🙏

Main News