කැනඩා යවන්න ඕනම නෑ.. ප‍්‍රභූ පුතා සමාජ ශාලාව කුඩුපට්ටම් කරන වීඩියෝව මෙන්න.. [Video]

October 10, 2016 at 12:01 am | lanka C news
කැනඩා යවන්න  ඕනම නෑ.. ප‍්‍රභූ පුතා සමාජ ශාලාව කුඩුපට්ටම් කරන වීඩියෝව මෙන්න.. [Video]

සෙනසුරාදා අලූයම් කාලයේදී කොස්පඤ්ඤවීදියේ Clique Night Club රාත‍්‍රී සමාජ ශාලාවට ප‍්‍රභූ ආරක්‍ෂකයින්ද සමගින් කඩා පැන එහි ආරක්‍ෂයින්ට පහර දී සමාජ ශාලාවටද අලාබ හානි කිරීම සම්බන්ධයෙන් CCTV දර්ශණ මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබේ.

මේ එම වීඩියෝවයි.

211 views

21 Comments to “කැනඩා යවන්න ඕනම නෑ.. ප‍්‍රභූ පුතා සමාජ ශාලාව කුඩුපට්ටම් කරන වීඩියෝව මෙන්න.. [Video]”

  1. ගිරවා says:

    කොටියන් දන නමමින් ගමරාල අලියාගේ වලිගෙ එල්ලී රජවෙද්දී පුතා මදන විසේ ඉහට ගහලා පාන්දර යාමේ club කුඩුකරයි
    බයවෙන්න දෙයක් නැහැ ගමරාල ජනතා බදු මුදල් වලින් අලාභය දෙගුණයක් ගෙවලා පුතාව නිදහස් කරයි
    අහෝ රටකට සිදුවූ විනාශයක තරම් ….වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.

    • A.K.M.T. ජිගිලෝ says:

      “අදහම්ගේ” නාඩගමේ සියළුම දර්ශන අකමැටිවරයා ලබාගත් බව ආරංචියි. හිටං තුමා කියනදේ අහන්නේ නැතිව දැඟලුවොත්, මේවා ඔක්කොම එලියට දාලා, දෝෂාභියෝගයක් ගෙනැල්ලා හිටංව අයින් කරලා දාන්න තමයි අකමැටිවරයාගේ බලාපොරොත්තුව. නමුත් ඒ ඉෂ්ටකරගන්න ටිකක් අමාරුවේවි. අකරු, අසජිත් ඇතුළු එක්සත් සමලිංගික පක්ෂේ හුඟදෙනෙක් අකමැටිවරයාට කැමති නෑ.

      ඒ වගේම තමයි, අකමැටිවරයාගැන ඔක්කොම විස්තර හිටංතුමාගේ ෆයිල්වල තියෙනවා. බැංකු හොරකමෙන් අකමැටිවරයා බේරාගත්තෙත් හිටංතුමාම තමයි. බැංකු හොරකමම ඇති අකමැට්ටාගේ ප්‍රජා අයිතිය අහෝසිකරලා අවු.20කට ඇතුලට යවන්න. ඒවගේම අකමැට්ටාගේ මුළු පැටිකිරියම හිටංතුමා ලඟ තියෙනවා. අළුත්ම දේ තමයි, අකමැට්ටා විශ්ව විද්‍යාලේ ඉන්න කාලේ නේවාසිකාගාරයේ නටපු නාඩගම් පිළිබඳ විස්තර. හරිම ජුගුප්සා ජනකයි.

      හැබැයි දෙන්නට දෙන්නා ගහගන්න බයයි. හරියට රටවල් දෙකක් න්‍යෂ්ටික අවි වලින් ගහගන්නවා වගේ, දෙපැත්තම ඉවරයි.

  2. Micro Man says:

    ගමේ කෙසෙල් කැන් ටික,ගස්ලබු ගෙඩි ටික,තැඹිලි වල්ල විකුණන පොඩි පෙට්ටි කඩවල පවා අද සවි කරලා තියෙන්නෙ සුපිරි වර්ගවල CCTV කැමරා.මේක රාත්‍රී සමාජ ශාලාවක් වෙලත් මහා ජරා කොටිලියක් තියන CCTV කැමරාවක්ද කොහෙද සවි කරලා තියෙන්නෙ.කැමරා කාචය Zoom කරන විට වීඩියෝව ලෙල්ලටම අපැහැදිලි වෙලා යන්නෙ ඒ නිසයි.සුපිරි භාණ්ඩයක් තිබුණා නම්, දෙක් හතරේ පොලු සමඟ සඳහම් පණිවුඩයක් රැගෙන Night Club පැමිණි දහම් ළමයාගේ සුපැදිලි රූපයක් අපටත් නියමෙටම දැක බලා ගන්ඩ තිබුණා.කොහෙද ඉතින් “Night Club” කියන නමේ හැටියටම තමා සවිකරලා තියන කැමරාවත්. 🙁

    • sajith says:

      පෙනෙන්නේ නැත්ද ඕක 2010 වීඩියෝවක් කියල.ඒකාලේ තිබුනේ ඔහොම කැමරා තමයි.මුන් හිතන්නේ හැමෝම කොන්දේ බඳින චීන්නු කියල.

      • Micro Man says:

        මේ වීඩියෝව 2010 වසරේ පටිගත වූ එකක් විය නොහැක.මන්ද මෙම රාත්‍රී සමාජ ශාලාවට 2010 වසරේදී මැර ප්‍රහාරයක් එල්ල වූවා කියා අන්තර්ජාලයේ කිසිඳු තැනක සටහනක් නොමැත.ඒ වගේම මෙහි දර්ශනත් වෙනත් ස්ථානයක නොවේ.මෙය එම රාත්‍රී සමාජ ශාලාවම යන්න හොඳහැටිම ඔප්පු වන ඡායාරූපයක් Colombotelegraph වෙබ් අඩවියේ පළවී තිබේ.මෙහි දෙවැනි ඡායාරූපයේ පවතින කලු ගලෙන් කැටයම් යෙදූ ගල් කුලුණ ඉහත CCTV දර්ශන වලත් පැහැදිලිව සටහන් වී ඇත. එසේ නම් ඉහත වීඩියෝව හා පසෙකින් දිස්වන 2010 වසර අතර යම් රහසක් පවතින බව මේ හරහා පෙනී යයි.සමාජය නොමඟ යැවීම සඳහා එය හිතාමතාම කළ දෙයක් විය හැක.

  3. YAMAPALANA HORROR……

  4. namal says:

    Why does it say xx/27/2010 2:xx am?

  5. Samitha says:

    නරකද මෛත්‍රී ගොයියෝ . මර්වින්ගේ කොල්ල ලව්වා ප්‍රකාශයක් නිකුත් කරවා ගත්ත නම් , ?

  6. Boo says:

    මේ සමාජ ශාලාවේ තිබු සහ ඒ අවට ගොඩනැගිලි වල තිබු CCTV දර්ශන කොම්පඥ්ඥ වීදියේ පොලිසියේ යයි කියාගත් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් මකා දමා ගොස් ඇති බත් දැන් වාර්තා වෙනවා. ඒ අනුව පොලිසිය සහ ගවපාලන රජය එකට එක්වී උන්ගේ හොරකම්, මැරකම් සඟවා දමා චෝදනා වලින් බේරීමට උත්සාහ කරන බව දැන් නම් හොඳ හැටි ඔප්පු වී තිබේ.

    මේ නිසා CCTV කැමරා සවිකර ඇති සියලුම දෙනා ඒවායේ රෙකෝඩ් වන සියළුම වීඩියෝ CCTV පද්ධතිය තුල හැරුනුකොට තවත් රහසිගත තැනකත් රෙකෝඩ් වීමට සැලැස්වීම කාලයේ අවශ්‍යතාවයක් වෙයි. වයර් වලින් තොරව wifi ක්‍රමයට මෙය කරන්නේනම් තවත් හොඳ වන්නේ එවිට පොලිසියට ඒ ගැන සොයාගැනීමටවත් නොහැකිවන නිසා එම සාක්ෂි විනාශ කිරීමට ඔවුන්ට නොහැකි වන නිසයි. ඔබේ දරුවාට, ව්‍යාපාරයට, දේපල වලට ආදරේනම්, හැකි ඉක්මනින් මේ කටයුතු කරගත යුතුය. අද පවතින අවාසනාවන්ත තත්වය වන්නේ, අපට මැරයන්ගෙන් මෙන්ම පොලිසියෙන්ද බේරී සිටීමට සිදුවීමයි.

    අද පවතින්නේ ත්‍රස්තවාදී පාලනයක්. ඒ නිසා මේ ත්‍රස්තවාදී පාලන කාලය තුල සාධාරණත්වයක් ලබා ගැනීමට නොහැකියි. එනිසා අනාගතයේදී එම ත්‍රස්තවාදී පාලනයෙන් මිදුණු දවසක හෝ වරදකරුවන් අල්ලා ගැනීමට එම සාක්ෂි ඉතා වැදගත් වෙනවා. ඒ නිසා යම් සිද්ධියක් සිදුවුණ වහාම එම රෙකෝඩ් වූ file එක වහාම රහසිගතව තවත් තැනක කොපි කර තබන්න අමතක කරන්න එපා (පොලිසිය ඒමට පෙර), එසේ කල බව කිසිවෙකුටවත් කියන්නත් එපා. නියම කාලය එන තුරු ඒවා සඟවා තබා ගන්න.

    පොලිසිය පැමිණි විට CCTV පද්ධතිය තුල රෙකෝඩ් වී ඇති ටික පමණක් දෙන්න, ඔවුන් එය රැගෙන යාවි, ඔබට නැවත නොලැබේවි, සිද්ධිය යට යාවි, පාඩුව ඔබටම විඳගන්න වේවි, සමහර විට වරද කාරයෝ මගුල් කද්දී ඔබට හිරේ යන්නත් වේවි. ඒ නිසා සිද්ධියේ සාක්ෂි වහාම සඟවා තබා සුදුසු වෙලාවට පමණක් එලියට ගන්න, ඒ වෙලාවටත් කොපියක් පමණක් එලියට ගන්න, සෑම විටම තවත් කොපි කීපයක් ආරක්ෂා ඇති තැන් දෙක තුනක හෝ වෙනත් පුද්ගලයින් දෙතුන් දෙනෙකු ළඟ හෝ තබන්න අමතක කරන්න එපා, එසේ නොකලොත් පාඩුව ඔබටමයි.

    JR එදා කිවුවා සේ අද අපේ ආරක්ෂාව අපටම කරගන්න වෙලා තියෙනවා, JR ගේම නල්ල මලේ බෑණා තමයි පඹයෙකුත් එක්ක අද භීතිය රජ කරන්නේ. ඒ නිසා කල්පනාවෙන් !

  7. nandasoma says:

    මෙහෙමනම්……. යහපාලන රජය ගෙදර යා යුතුයි………!

  8. nandasoma says:

    දැන් මෛත්‍රී පුතාට දඬුවම් කරන හැටි බලමුකො!

    ගෙදරිනුත් පන්නාවි!!

  9. hiru says:

    Hiru says that,

    Buffalo son’s does not have brain.

  10. jaliya says:

    අහෝ රටකට ගිය කල, මිනිසුන්ගේ ජිවිත කුම්බින්ගේ ජිවිත තරම් වත් නොවටිනා ගානට වැටිලා,

Main News