‘කැප්ටන් කූල්ගේ’ ගෝලයා රාත්‍රියේ බීමතින් අලුත් අමාත්‍යාංශයට පැන යකා නටයි.. කුණුහරුප වනසයි..
May 27, 2017 at 12:00 pm | lanka C news
අද (27) අලුයම 3.20ට පමණ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් කඩා වැදුණු නව විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ විමර්ශන නිලධාරියෙකු යැයි කියා ගත් අයෙකු බීමතින් යකා නටා ඇතැයි වාර්තා වේ.
ඒ වන විට අමාත්‍යාංශයේ එක් අංශයක් පින්තාරු කිරීමේ කටයුතු සිදු වෙමින් තිබූ අතර එහි දොර කඩා දමමින් මෙම තැනැත්තා ඊට ඇතුළු වී ඇත.
ඒ වන විට පින්තාරු කටයුතු භාරව සිටි කාර්යාල කාර්ය සහායකවරයාට කුණුහරුපයෙන් බැන වැදී තමන් අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරියා බව මතක තබා ගන්නා ලෙසත් අවනතව කටයුතු නොකළොත් මරා දමන බවටත් තර්ජනය කර ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ටොයොටා PH 2841 දරන රථයෙන් මේ අපූරු විමර්ශන නිලධාරියා අමාත්‍යාංශයට කඩා වැදී ඇත.
ආපසු යන අතර අමාත්‍යාංශයේ රියදුරු සහ ආරක්ෂක අංශ විවේකාගාරයේ රැදී සිටි ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කර ඇත්තේ ‘ උඹලාට මෙතන රෑට ඉන්න බැහැ. අපේ එවුන් මෙතනට ගෙනත් දානවා. දැන්ම බඩු අකුළාගෙන පලයල්ලා ’ යනුවෙනි.
අදාළ සේවක පිරිස් මේ පිළිබදව අමාත්‍යාංශයේ ඉහළ පරිපාලනයට පැමිණිලි කළ බවද ‘කැප්ටන් කූල්ගේ වැඩ මේවාදැයි ’ බොහෝ සේවක පිරිස් කලකිරීමෙන් යුතුව පවසන බවද වාර්තා වෙයි.