කැපුම් තුවාල සහිතව දෙදරු මවකගේ මළසිරුරක් ළිඳකින් ගොඩගනී..

March 20, 2019 at 5:30 pm | lanka C news
කැපුම් තුවාල සහිතව දෙදරු මවකගේ මළසිරුරක් ළිඳකින් ගොඩගනී..

වව්නියාව නෙළුක්කුලම ග්‍රාමසේවක කොට්ඨාශයේ පදිංචි දෙදරු මවකගේ මළ සිරුරක් ළිඳක තිබී අද (20) දින ගොඩ ගත් බවට නෙළුක්කුලම් පොලීසිය කියා සිටියේය.

නෙළුක්කුලම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මෙම කාන්තාවගේ සැමියා විදෙස්ගතව සිටින අතර ඊයේ රාත්‍රියේ මෙම කාන්තාවගේ නිවසින් කෑගසන ශබ්දයක් ඇසී ඇති අතර ප්‍රදේශවාසින් විසින් නිවසට ගොස් බලන විට දරුවන් දෙදෙනා පමණක් සිට ඇති අතර මව නොසිටීමෙන් පරික්ෂා කලද හමු වී නොමැත. අනතුරුව අද උදෑසන සිදු කරන ලද පරික්ෂාවකදී අදාල කාන්තාවගේ මළ සිරුර අසල පිහිටි ළිඳක තිබී ප්‍රදේශවාසීන් දැක ඒ බව නෙළුක්කුලම් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය විසින් මළ සිරුර ගොඩට ගැනීමට පියවර ගෙන ඇත.

මළ සිරුර ගොඩට ගැනීමෙන් පසුව කාන්තාවගේ ගෙලෙහි තියුණු ආයුධයකින් කැපුම් තුවාලද දැකගත හැකිව තිබෙන අතර මිය ගිය කාන්තාවගේ ඥාතීන් විසින් පොලීසියට පවසා ඇත්තේ ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් ගෙල කපා ළිඳට පැන සියදිවි හානිකරගෙන ඇති බවට සැකකරන බවටය.

කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් නෙළුක්කුලම් පොලීසිය හා වව්නියාව පොලීසිය එක්ව පරික්ෂණයක් අරඹා ඇති අතර මිය ගිය කාන්තාව වයස අවුරුදු 11 ක සහ අවුරුදු 05 ක් දරුවන් දෙදෙනෙකුගේ මවක් වන බවටද පරික්ෂණ සිදු කරන නෙළුක්කුලම් පොලීසිය වැඩිදුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,355 Viewers

5 Comments to “කැපුම් තුවාල සහිතව දෙදරු මවකගේ මළසිරුරක් ළිඳකින් ගොඩගනී..”

  1. නිට්ටෑවා says:

    යකෝ අපි කලින් හොඳට හිටි මිනිස්සු…මේ රටේ දේශපාලකයොයි,උන්ගෙයි උන්ගේ ගෝලයන්ගෙයි සහගහන වැඩ නිසා අපි නිට්ටෑවෝ වුනා..මුලින්ම මුන්ගේ බොරැ වලට රැවටිලා ඒවා අහන්න තිබුන ආසාවට අපේ කන් දික්වුනා…පස්සේ මේවා බොරැ කියලා දැනගත්තහම ඒවා ඇහෙනකට එන අප්පිරියාවට අපේ කන් ඇද වෙන්න පටන් ගත්තා….උන්ගේ මහා බලය,උන් හොරාකාලා හදාගත්ත සිටුවර ජීවිතය ඉදිරියේ අපි චූටි මිනිස්සු කියලා හිතෙනකොට අපි මිටි වෙන්න පටන් ගත්තා…මුං ගැන ඇතිවෙන වෙෙරය නිසා නියපොතු දික්වුනා…. අපිට අපි ගැනම විලි ලැජ්ජාවට අපි කැළෑ වැදිලා අදුරේ ජීවත් වෙන්න පටන් ගත්තා…අද නිට්ටෑවෝ වෙලා හිටියට අපි කලින් හොඳට හිටි මිනිස්සු…. අපේ නිට්ටෑගහනය දිනපතා වැඩි වෙනවා…ලංකාවේ හැම ගමකින්ම අළුතෙන් නිට්ටෑවන් හැදෙනවා…හිටි ගමන් උබලගේ ගෙදර එකෙක් කුරැ වෙලා අමුතු සද්දයක් දාගෙන කෑලේට දුවලා ගියොත් ඌට පාඩුවේ යන්න ඇරපන්….ඒ ඌ නිට්ටෑවෙක් වෙලා..

  2. Mahasona says:

    මේ යහපාලනය පටන් ගත් දවසේ සිට එනම් 2015 ජනවාරි 8 සිට අසන්නට ලැබෙන්නේ මිනීමැරුම් මංකොල්ල කෑම මත් කුඩු පමණයි

Main News