කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලේ…

November 25, 2019 at 2:09 am | lanka C news
කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලේ…

බලංගොඩ සිට නොර්වුඩ් දක්වා එලවළු ප්‍රවාහනය කරන ලද කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් වු තේ වත්තකට පෙරලි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව චැපල්ටන් වත්ත ප්‍රදේශයේදිය.

ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරමින් සිටි වල් ඌරන් රංචුවක් මගහැර යාමට උත්සහ කිරිමේදි කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලි ඇති බව පොලිසිය පැවසුවේය.

අනතුරෙන් කැබ් රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයාට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවත්, අනතුරින් කැබ් රථයට සහ කැබ් රථයේ ප්‍රවාහනය කරමින් තිබු එලවළු වලට දැඩි අලාභ හානි සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය පැවසුවේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

49 views

2 Comments to “කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලේ…”

  1. nimalsiri says:

    meke drivaraya hithuwe val uranva beraganna nevei,un ranchuwama happala marala passe unge mastika aran gihin vikunala salli korannai,maswalin baagayak pamana bedala kasippu ekka byte ekata gannataya.

Main News