කැබිනට් සංශෝධනයට එජාපය විරුද්ධයි.. වෙනස් කරන්නේ නම් ශ්‍රීලනිප ඇමතිලා වෙනස් කර ගන්නැයි කියති..
March 19, 2017 at 3:00 pm | lanka C news
කැබිනට් සංශෝධනය සඳහා එක්සත් ජාතික පක්ෂයේ එකඟතාව මෙතෙක් පළ වී නැත. ඒ අනුව ඉදිරියේ සිදු කෙරෙන කැබිනට් සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන්ගේ තනතුරුවල කිසිදු වෙනසක් සිදු නොවන බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.
එම කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් කිහිපදෙනකුගේ පමණක් විෂය පථය හා ධුර සම්බන්ධව වෙනස්කම් සිදුවනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධව “දිවයින ඉරිදා සංග්‍රහය” කළ විමසුමකදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් කියා සිsටියේ මේ මොහොතේ කැබිනට් සංශෝධනයක් සිදු කිරීමෙන් රජය දියත් කර ඇති ඉලක්ක සහගත සංවර්ධන වැඩපිළිවෙළට බාධා එල්ල විය හැකි බවයි.
ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු දූෂණවලට සම්බන්ධ බවටත් ඒ නිසා ඔවුන් ධුරවලින් ඉවත් කළ යුතු බවටත් ඒකාබද්ධ විපක්ෂය රට පුරා පුළුල් ප්‍රචාරයක් ගෙන යමින් තිබෙන මොහොතක කැබිනට් සංශෝධනයක් සිදු කිරීමෙන් ඔවුන්ගේ අසත්‍ය ප්‍රචාරවලට තැන ලැබෙන බවත් ඉහත ඇමැතිවරු පැවසූහ.
කිසිදු චෝදනාවක් ඔප්පු නොකර ඇමැතිවරුන්ගේ ධුර වෙනස් කිරීමෙන් එම ඇමැතිවරුන්ට මහජනතාව සමඟ කටයුතු කිරීමේදී දැඩි අපහසුතාවන්ට පත්වීමට සිදුව තිබෙන බවට ද ඔවුහු අවධාරණය කරති.
මේ සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ ළඟදීම කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වන බවයි.
– දිවයින
කැබිනට් සංශෝදනයක් කරන්න ඕනෑ තමයි. තව හම්බ කරගත්ත නැති එවුන්ටත් ගසා කන්න අවස්ථාවක් දෙන්න එපායැ. මේක යහපාලනේ නැද්ද අමරවීරයෝ.
නැත්නම් කොහොමද අමරයා අගමැටියා වෙන්නේ, නේදෑ අමරයො, අන්න වෙනස.
It is true, UNP ministers are only commenced robbing public money at mega level. So, let them to loot as much as possible even without people’s madate to rule. Then they will end in grave
ඩ්යිවර මලය මොකද කිව්වේ හුටං. පරණ ගොනා පුරුදු කාරයා කිව්වද? වෙනස සැපද?
අනේ විධායක ඡනාධිපතිට ගිය කල දසාව… කැබිනට් ඇමතිවරයෙක්වත් වෙනස් කර ගන්න බැරි ඔය තනතුරේ තවත් මොකට වාඩිවෙලා ඉන්නවද…?