කැබිනට් අනුමැතිය දෙන්නත් පෙර තුර්කි, ඩුබායි පාවෙන බලාගාර දෙකක් කොළඹ මුහුදේ..

April 6, 2019 at 6:28 am | lanka C news
කැබිනට් අනුමැතිය දෙන්නත් පෙර තුර්කි, ඩුබායි පාවෙන බලාගාර දෙකක් කොළඹ මුහුදේ..

මෙරට ඇති විදුලි අර්බුදය විසඳීම සඳහා ඩුබායි සහ තුර්කි සමාගම් දෙකක පාවෙන විදුලි බලාගාර දෙකකින් මෙරටට විදුලිය ලබාදීමට යෝජනා ඉදිරිපත් කර තිබේ.

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා සඳහන් කරන්නේ එම සමාගම්වලින් විදුලිය මිලදී ගැනීම සඳහා එන සතියේ දී කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.

ඊට කැබිනට් අනුමැතිය ලදොත් දික්ඕවිට ප්‍රදේශයෙන් ජාතික විදුලි පද්ධතියට මෙම බලාගාරවල විදුලිය සම්බන්ධ කරන බවද ලේකම්වරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් විපක්ෂය විසින් චෝදනා එල්ල කරන්නේ කැබිනට් අනුමැතිය ගැනීමටත් පෙර විදෙස් සමාගම් වලින් විදුලි පාවෙන විදුලි බලාගාර කොළඹ මුහුදු සීමාට ගෙන්වා ඇති බවයි.

එමගින් අධික මුදලක් කිසිවකුගේ සාක්කුවලට යන බව ද ඔවුහු චෝදනා කර සිටිති.

127 views
Main News