කැබිනට් ඇමතිලා කොටසක් දිවුරන්න සූදානම්…

December 19, 2018 at 10:00 am | lanka C news
කැබිනට් ඇමතිලා කොටසක් දිවුරන්න සූදානම්…

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවරුම් දීම තව දුරටත් කල් යන ලකුණු පෙනෙන්නට තිබේ.

යෝජිත ඇමති ලයිස්තුව සකස් කිරීමේදී බරපතල ලෙස ගැටළුකාරී තත්වයකට පත්ව ඇති බවද වාර්තා වෙයි.

කෙසේ නමුත් අද දිනය ඇතුලත කැපිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකු හෝ දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග කියා සිටී.

කැබිනට් ඇමතිවරුන් 20කට අඩු ප‍්‍රමාණයක් අද දිනයේදී දිවුරුම් දෙනු ඇතැයි එජාප මන්ත‍්‍රි අශෝක් අබේසංහ මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

104 views

5 Comments to “කැබිනට් ඇමතිලා කොටසක් දිවුරන්න සූදානම්…”

  1. ලයනල් අතුකෝරළ, රාජගිරිය says:

    මොකාට දුන්නත් රවියට නමි මුදල් ඇමතිකම දෙන්න එපා. මූ ඉල්ලනව කියන්නෙ මුදල්මයි.
    ඒ කියන්නෙ හොඳට ගේම දෙන්න. පරණ ඇරියස් එක්කම.
    රනිලුත් අසරණයි. රවිය පහුගිය කාලෙ මහින්ද, බැසිල්, මෛත්‍රීපාල නඩෙි එක්ක ඩීල් කළා. මෛත්‍රීපාල මහින්ද අගමැති කරන්නත් හේතු උනේ රවිය UNP 20 ක් එක්ක එනව කිවිව නිසා. ඔය ගමිවලින් ආපු මන්ත්‍රීවරැ ටිකක් රවිය අල්ලගෙන ඉන්නව ජරාව දීලා. උන් රනිල්ට බලපෑමි කරනව මූට මුදල් ඇමතිකම දෙන්න කියල.
    රවියට මුදල් ඇමතිකම දුන්නොත් UNP ය නැවත අපකීර්තියට ලක්වීම වලක්වන්න බැහැ.
    මූට ලියල දෙන අයවැය කතාවවත් කොලේ බලාගෙන සිංහලෙන් කියවන්න බැහැ.
    රවි කියන පුද්ගලයව සතුටු කිරීම නොවෙයි කළ යුත්තේ මෙි වැදගත් පක්ෂය මුංවගේ අපතයින්ගෙන් බෙිරාගැනීමයි.

  2. අනේ සොරි says:

    තුන් වැනි පාරටත් ජයග්‍රාහී ලෙස පොට්ටු කරුවන් සහ රතු අලියන් කියන ආකාරයට මහබැංකුව මංකොල්ල කෑමට එජාපයට ඉඩදිය යුතුයි.කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ එවැනි සොරකමක් සිදුවී නැති බවත් හා රවි හා මහේද්‍රන් විසින් භාණ්ඩාගාරයට තම පෞද්ගලික මුදල් ද ගෙනත් දැමූ බවයි.

Main News