කැබිනට් ඇමතිලා තවත් 18ක් වැඩි කරන්න සූදානම්..

February 15, 2019 at 1:20 pm | lanka C news
කැබිනට් ඇමතිලා තවත් 18ක් වැඩි කරන්න සූදානම්..

මෙම වසරේ මැයි මාසයට ප්‍රථම පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සලසන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කලේ කොටපොල ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවා වසරක් සැපිරීම නිම්මිත්තෙන් දෙනියාය කොටපොල ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවී සභාව අමතමිනි.

වැඩිදුරටත් සභාව ඇමතු ඒ මහතා,

දැන් ආණ්ඩුවට තියෙන ප්‍රශ්නය කොහොමද ඇමති මණ්ඩලය වැඩි කරගන්නේ කියලා.ඒ හින්දා යෝජනාවක් ගෙනාව පසුගිය සතියේ යෝජනාව කල් තැබුවා,මේ මාසේ 22 දාට ගේනවා කියලා.තව ඇමති ධුර 18 කින් වැඩිකරගන්න.සාගල මහත්තයා වගේ තව 18 දෙනෙක් වැඩි කරගන්න.ආණ්ඩුවට තියෙන්නේ ඒ ප්‍රශ්නය.ආණ්ඩුව පොරකන්නේ ඒ ප්‍රශ්නෙත් එක්කලා.මුස්ලිම් කොන්ග්‍රසයේ එක මන්ත්‍රී වරයෙකුට මුවා වෙලා 18 කැබිනට් එක වැඩිකරගන්න.නියෝජ්‍ය ඇමති සංඛ්‍යාව වැඩිකරගන්න.

අපි ජනාධිපතිතුමාට කියන්නේ අද දවසේ එක්සත් ජාතික පක්ෂයේ අගමැතිතුමා, ඇමතිවරයා පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ තියන්න යෝජනාව ගෙනාවේ නැත්නම් අතිගරු ජනාධිපති තුමනි, ඔබතුමා ජනාධිපතිතුමා විදියට ඔබතුමා ඒ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න.එතකොට අපිට පුළුවන් මයි මාසේ 31 කලින් මැතිවරණය තියලා රටේ හදගැස්ම පිලිබඳ පණිවිඩය ආණ්ඩුවේ පාලකයින්ට දෙන්න.

ව්‍යවස්ථාව යටතේ මොන මැතිවරණ කල් දැම්මත් ජනාධිපතිවරණය කල් දන්නා බැහැ.ජනාධිපතිවරණය තියන්න ඕන ජනාධිපතිතුමා තමන්ගේ ධුරයේ දිවුරුම් දුන් දිනයට මාසයකට අඩු නොවන මාස දෙකකට වැඩි නොවන දිනයකදී.ඒ කියන්නේ එතුමා දිවුරුම් දුන්නේ ජනවාරි 9 වෙනිදා.ව්‍යවස්ථාව යටතේ මැතිවරණය තියන්න ඕන කවදද?මැතිවරණය තියන්න ඕන දෙසැම්බර් 09 ඉස්සරවෙලා නොවැම්බර් 09 පස්සේ. ජනාධිපතිවරණ මැතිවරණ නීතියේ තියෙන්නේ සෙනසුරාදාවක මැතිවරණය තියන්න ඕන කියලා.එහෙනම් අන්තිම දවස මොකක්ද?දෙසැම්බර් 09 පෙර එන අන්තිම සෙනසුරාදා දෙසැම්බර් 07.දෙසැම්බර් 07 එහා පැත්තේ මොන හේතුවක් නිසාවත් ජනාධිපතිවරණය ගෙනියන්න බෑ.

– මොරවක ප්‍රියංකර ගමගේ

35 views