කැබිනට් ඇමතිවරුන් 04ක් වෙනස් වෙයි…

August 15, 2021 at 3:20 am | lanka C news
කැබිනට් ඇමතිවරුන් 04ක් වෙනස් වෙයි…

කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනකුගේ පමණක් විෂය පථයන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ,මහාචාර්ය ජී එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන ,ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන් සිවුදෙනාගේ විෂය පථයන් වෙනස් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද ,මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදෙස් කටයුතු ඇමැතිවරයා වශයෙන් ද ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදුලිබල ඇමතිවරයා වශයෙන් ද පත්කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි .

එම ඇමති සංශෝධනය අනිද්දා(17) දිනයේදී සිදු කෙරෙනු ඇතැයි ද වාර්තා වේ .

– lankadeepa

140,398 views

45 Comments to “කැබිනට් ඇමතිවරුන් 04ක් වෙනස් වෙයි…”

  1. CDK says:

    Do not do useless things. By changing heads nothing will happened.

  2. රටේ එකා says:

    ඇති යන්තන් අර පිටරට බෙහෙත් සමාගම් වලට විකුනුන, දේශීය කිසිම බෙහෙතක් පරීක්ශා කරන්න ඉඩ නොදෙන, ආයුර්වේද රෝහල් කොවිඩ් ප්‍රතිකාර සදහා වෙන් කරන්න විරුද්ද උන, විපක්ශයේ වීරයා සෞක්ය ඇමති කරලා නෑ. එතුමිය රාජ්ය ඇමති උන දවසේ ඉදන් තමා මේක අවුල් උනේ. රාජ්ය ඇමති කැබිනට් ඇමති උනානම් රට වහලා මාස දෙකෙන් රටේ ඩොලර් සන්චිත ටික හින්දන්න තමා විපක්ශයේ සැලසුම තිබුනේ. එහෙම උනානම් එන්නත් ගේන්න වෙන්නේ රුපියල් දීලා.

  3. මෝ says:

    මේ මිනිස්සු වයසට ගිහින් එයාලගෙ වැඩත් තව කවුරු හරි කරන්න ඕනෙ.විරුවගෙ වැඩ එලකිරි.

Main News