කැබිනට් එපා රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිකමක් දුන්නොත් මං එනවා.. විපක්‍ෂයේ නායකයෙක් බැගෑපත් වේ..

August 12, 2020 at 12:02 am | lanka C news
කැබිනට් එපා රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිකමක් දුන්නොත් මං එනවා.. විපක්‍ෂයේ නායකයෙක් බැගෑපත් වේ..

තමනට ඇමති ධුරයක් ලබා දුන්නේ නම් ආණ්ඩුවට එක් වෙන්නේ යැයි විපක්ෂය නියෝජනය කරන සුළු දේශපාලන පක්ෂයක නායකයෙකු දැනුම් දී තිබේ.

ආණ්ඩුවේ ප්‍රබලම පුද්ගලයකු වෙත මෙම ඉල්ලීම කරමින් ඔහු සඳහන් කර ඇත්තේ කැබිනට් ඇමැති ධුරයක් නැතත් රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමති ධුරයක් හෝ ලබා දෙන්නේ නම් ආණ්ඩුවට එක් වන බවයි.

නමුත් ආණ්ඩු පාර්ශවයේ ප්‍රබලයා දැනුම් දී ඇත්තේ මේ මොහොතේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතර බලයක් ලබා දී ඇති බැවින් කිසිදු වරප්‍රසාදයක් ලබා දී තවත් පිරිසක් සම්බන්ධ කිරීමේ වුවමනාවක් නැති බවයි.

විපක්ෂයේ සිට ආණ්ඩුවේ කටයුතුවලට සහයෝගය දීමට මෙන්ම විරුද්ද වීමේ කිසි ගැටළුවක් නැති බවත් ඔහු දැනුම් දී ඇත.

60,158 views

20 Comments to “කැබිනට් එපා රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිකමක් දුන්නොත් මං එනවා.. විපක්‍ෂයේ නායකයෙක් බැගෑපත් වේ..”

  1. හෙලයා says:

    මේ සැරේ පරයින්ට සහ අන්තවාදීන්ට පවතින රජයට බලපෑම් කොරන්න බැරිවෙන විදිහට ව්‍යවස්ථාව සකස් කර ගමු.

  2. පහන් says:

    ඥානසාර ස්වාමින් වහන්සේව පාර්ලිමේන්තුවට අනිවාර්‍යෙන් පත්වෙන්න ඕනෙ.
    රතන ස්වාමින්වහන්සේ අවුරුදු ගානක් හිටියනේ.

    • isuru says:

      ඥානසාර ස්වාමින්සේ පාර්ලිමේන්තුවට යවන්නේ බුද්ධාගමට සේවයක් කරන්නද? අනේ මන්දා හාමුදුරුවෝ තුන්ත නමක් පොරකන්නේ බුද්ධාගමට සේවයක් කරන්න කියලා හිතෙන කොට බුදුරජාණන්වහන්සේ අනිත්‍ය කියලා දේශනා කලේ මොනවද කියලත් හිතෙනවා. රතන හමුදුරුවො නම් සෝම හාමුදුරුවනේ අපවත් වීමට හේතුව වත් හොයාගත්තා.

  3. Rathna says:

    Mano ganeshan?

  4. Saradiel says:

    හොද තීරණයක් හොරුන් රටට එපා

  5. Gini says:

    Don’t take him or her. Let Mr. GR deside.

Main News