කැබිනට් මණ්ඩය අනිද්දා දිවුරයි.. යෝජිත පිරිස මෙන්න..

August 10, 2020 at 9:20 am | lanka C news
කැබිනට් මණ්ඩය අනිද්දා දිවුරයි.. යෝජිත පිරිස මෙන්න..

නව රජයේ ඇමති මණ්ඩලය අනිද්දා දිනයේ (12) දිවුරුම් දීමට නියමිතය.

මහනුවර මඟුල් මඩුවේදී මෙසේ දිවුරුම් දීමට නියමිත ඇමති මණ්ඩලය ඇමතිවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මුදල්, නිවාස හා ඉදිකිරීම් ඇමැති ධුර ලැබෙනු ඇතැයි සඳහන් වේ.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා සහ විදේශ කටයුතු ඇමතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.

චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග ඇමැති ධුරයටත් නාමල් රාජපක්‍ෂ මහතා ක‍්‍රීඩා ඇමති ලෙසත් පත් කිරීමට යෝජනා වී ඇතැයි සදහන්ය.

සෞඛ්‍ය ඇමති ලෙස පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය, කෘෂිකර්ම ඇමැති ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ලෙස ප්‍රසන්න මහතා, ජනමාධ්‍ය ඇමැති ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා යෝජනා වී ඇත.

අධිකරණ ඇමැතිවරයා ලෙස අලි සබ්රි මහතා පත්කරනු ඇති බවත්, නාලක ගොඩහේවා, සරත් වීරසේකර, ජීවන් තොණ්ඩමන් යන අයටද ඇමතිධුර ලැබෙනු ඇතැයිද වාර්තා වෙයි.

7,030 views

63 Comments to “කැබිනට් මණ්ඩය අනිද්දා දිවුරයි.. යෝජිත පිරිස මෙන්න..”

  1. Sirisena Yatawara says:

    Ours issue is not that persons ,but really whom can discharged responsibilities and duties important factor for us.
    But Ali Sbari is too early to give Position of Minster ship?
    Give him more time show his credential and confidence among people of Country. That basic line of Politics of world of democracies methodology.

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමාව ඇමති කෙනෙක් කරන්න ජනාධිපතිතුමනි

  3. Future Sri lanka says:

    Dalus, is the best education minister we ever had. We need him as our education minister. He has a vision and a mission for the future . GL is just a puppet of MR.

  4. ruwan says:

    අපි ජන්දෙ දුන්නේ අලි සබ්රි වගේ ජාතිවාදීන්ට අධිකරණ ඇමති වගේ භාරදූර තනතුරක් දෙන්නද? එහෙම උනොත් ඉතින් තව අවුරුදු 5යි ඔහේලටත් ආයුශ තියෙන්නේ…

  5. Saman says:

    Congratulation Namal
    Proud of you
    All best

Main News