කැබිනට් මණ්ඩලයේ ඉන්නේ වැඩක් කරන්න බැරි හාල්පාරුවන් ටිකක්…- සුජීව සේනසිංහ

May 28, 2018 at 1:20 pm | lanka C news
කැබිනට් මණ්ඩලයේ ඉන්නේ වැඩක් කරන්න බැරි හාල්පාරුවන් ටිකක්…- සුජීව සේනසිංහ

හාල්පාරුවන් පිරිසක් ඇමතිකම්වලට පත් කිරීම නිසා වැඩ කල හැකි අයට ඒ සදහා අවස්තාව අහිමි වී ගොස් ඇතැයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

ආණ්ඩුව බලයට පත් කලේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා හෝ රනිල් වික‍්‍රමසිංහ මහතා නොව තමන් වැනි තරුණයන් විශාල පිරිසක් විසින් කරන ලද සටනක ප‍්‍රතිඵලයක් ලෙස බවද ඔහු කියයි.

බලය ගත් පසු දක්‍ෂයන් සුදුසු තැන්වලට දමා වේගවත් ලෙස රට සංවර්ධනය කරනු ඇතැයි බලාපොරාත්තු වුවද එවැන්නක් සිදුව නැතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මහරගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

පක්‍ෂය ගැන විශාල කලකිරීමක් ඇතත් පක්‍ෂය අත් නොහරින බවත් කෙසේ හෝ ඉදිරියට ගෙන ගොස් ජයග‍්‍රහණය කරවන බවත් ඔහු සදහන් කරයි.

68 views

11 Comments to “කැබිනට් මණ්ඩලයේ ඉන්නේ වැඩක් කරන්න බැරි හාල්පාරුවන් ටිකක්…- සුජීව සේනසිංහ”

  1. සිංහල බන්ඩා says:

    පක්ෂයෙ හාල්පාරුවො වැඩක් කලේ නැතිලු. ඒ උනාට පක්ෂය ජයග්‍රහනය කරවනවලු. අම්මපා තඹය වගේ උන්ටද පිස්සු චන්දෙ දාන අපිටද පිස්සු

    • නිව්ඩු-හාල්පාරුවන් says:

      අට පාස් වෙලා සුදු ලෝගුව දැම්මාම
      වටේට ඉන්න උන් මුන්ට සර් කිව්වාම
      අත්සන ගහල පිං පඩි දිගට ගත්තාම
      දියුනුවේද රට මුං මකබෑවි යන තුරුම

    • Samuvel says:

      මෙයා දැන්ගත්තේ අදනේ. අපි නම් 2015 ජනවාරි ඉඳල දැන ගත්තා.

  2. banku hora says:

    maha banku hora sudana wage moradenawa. thama despalanayen elawa dama hora kapu mudal ganna wa me manussayata kisima madyaka thenak denna epooooooooooooooo

  3. Gnanapala says:

    වැඩ කාරයෝ ටික ටික එළිවෙනවා. මෙයා කලින්ම. දැන් දයාසිරි.තව?

  4. card board hero says:

    Mathakai e davasvala 2015 mathivarenata kalin loku file aran avith horkam dakka vage katha karapu hati. ( ara nidahas chathurasraye vivade thavama mathakai)

  5. මාතලේ බණ්ඩා says:

    මුගෙත් කයිවාරැව විතරයි.කිසිම වැඩක් නොකරන, දුන්නත් වැඩක් කරන්න බැරි එකෙක්.හොඳයි තමුසෙට මුදල් ඇමතිකම දෙන්නමි,ඉස්සෙල්ලම කසාදයක් බැදගන්නවකො.

  6. Dushantha says:

    ඔක්කොම හාල් පාරුවන්ගෙ කෙරුවාව ජනතාව තේරුන් අරන් ඉන්නෙ. මෙයා කිව්වනේ වොක්ස්වගන් කියා හයිඋන්ඩායි වගේ කොම්පෑනි ලන්කාවට එන්ඩ පොර කනවා කියලා.

    • sara says:

      මුන් ඔක්කොම හාල් පාරුවෝ තමයි. හාල් පාරුවා කියන එකේ නියම තේරුම දැනගන්න නිහාල් නෙල්සන් ගායකයාගේ හාල් පාරුවා ගීතය අහන්න.

  7. Niru says:

    Include the next best leader Usa nam security

  8. David Milli-banda says:

    Mooo boru show ekak geniyanawa…………..Mahajanaya kanne punakku kiyala hithagena.

Main News