කැබිනට් මණ්ඩලය නොකැදවීම නීති විරෝධීයි.. ජනාධිපතිට විරුද්දව නඩු දමන්න එජාපය සාකච්චා..

June 12, 2019 at 10:00 am | lanka C news
කැබිනට් මණ්ඩලය නොකැදවීම නීති විරෝධීයි.. ජනාධිපතිට විරුද්දව නඩු දමන්න එජාපය සාකච්චා..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් රැස්වීම් නොපවත්වා සිටීම නීතිවිරෝධී බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ විධායකය වෙනුවෙන් පාර්ලිමේන්තුවට වතකියන්නේ කැබිනට් මණ්ඩලය බවයි.

ජනාධිපතිවරයාද ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට හා එය අනුගමනය කිරීමට බැඳී සිටින බවද පවසන ඇමතිවරයා තවදුරටත් කැබිනට් මණ්ඩලය නොපවත්වා සිටියහොත් ආණ්ඩුවේ කටයුතු ගැන පාර්ලිමේන්තුවට පිළිතුරු සැපයීමට නොහැකි වන නිසා මේ සම්බන්ධයෙන් පියවරක් ගත යුතුව ඇති බවද පැවසීය.

මේ අතර වාර්තා වන්නේ ජනාධිපති වරයාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කල හැකිය යන්න පිලිබදව එක්සත් ජාතික පක්ෂයේ යම් සාකච්ඡාවක් ඇතිව තිබෙන බවයි.

24,295 Viewers

9 Comments to “කැබිනට් මණ්ඩලය නොකැදවීම නීති විරෝධීයි.. ජනාධිපතිට විරුද්දව නඩු දමන්න එජාපය සාකච්චා..”

  1. රන්බණ්ඩා says:

    තොපි දෙගොල්ලන්ටම දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීලා තියෙන්නෙ බොලව්.
    රටේ ජනතාවට කප්පරක් බොරු කියලා, රටේ සියලු දෑ විනාශ කරමින් තොපි කොරගෙන ආපු යහපාලනේ දැන් තොපිටම පාරාවලල්ලක් වෙලා නේද?
    මේ පිංබිමට විනකටින එකදු පරයෙකුට යහතින් නම් ඉන්න සොබාදහම ඉඩක් දෙන්නෙ නැහැ බොලව්.
    තොපි ගැන අනුකම්පාවෙන් අපි බලාන ඉන්නම්.

    • Kalu sudda says:

      Sahathika aththa Ranbanda aiye. 500% ekagai. Lankavata kelavanna ena evunta hariyanne natha. Untama kelavela yanava arenna.

  2. කොලුවා says:

    ව්‍යවස්ථාදායකය හා විධායකය අතර අර්බුද ඇතිවන හැම රටකම ශ්‍රේෂ්ටාදිකරණය මැදිහත් වෙලාද ඒවා විසදලා දෙන්නේ. ව්‍යවස්ථාදායකයට ඕන හැටියට නටන්නත් විධායක මට්ටු කරන ආකාරයකුයි අපට වැටහී ගිය ආකාරයට ශ්‍රේෂ්ටාදිකරණයෙන් පසුගිය දවස් වල පිළිබිඹු වුනේ.

  3. කොලුවා says:

    ව්‍යවස්ථාදායකය හා විධායකය අතර අර්බුද ඇතිවන හැම රටකම ශ්‍රේෂ්ටාදිකරණය මැදිහත් වෙලාද ඒවා විසදලා දෙන්නේ. ව්‍යවස්ථාදායකයට ඕන හැටියට නටන විධායක මට්ටු කරන ආකාරයකුයි අපට වැටහී ගිය ආකාරයට ශ්‍රේෂ්ටාදිකරණයෙන් පසුගිය දවස් වල පිළිබිඹු වුනේ.

  4. පොඩි එකා says:

    එඡාපයට සදාකල් බලයේ රැඳී සිටීමට ගණන් බලා JR 1978 ව්‍යවස්ථාවයි මැතිවරණ ක්‍රමයකුයි හදලා දැන් මිය පරලොව ගිහින්… එයාගේ අළුකුත්තේරු වැඩවලට දැන් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ රටේ අහිංසක ඡනතාවට…

  5. Gayantha says:

    පිස්සෙක් නිසා රටම අරාජිකයි. මේ පිස්සව ගෙනාපු යුන්පි එකටත් හොද වැඩේ. හැබයි මේ කෝලමා නිසා විනාශ වෙන්නේ රට.

    • Me3 says:

      පිස්සා ඔතැනට ගේන්න රටටම බොරු කියල රටම පිස්සු වට්ටපු නඩේටත් අමු කැවිල.

  6. kamal says:

    තොපි දෙගොල්ලන්ටම දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීලා තියෙන්නෙ බොලව්.
    රටේ ජනතාවට කප්පරක් බොරු කියලා, රටේ සියලු දෑ විනාශ කරමින් තොපි කොරගෙන ආපු යහපාලනේ දැන් තොපිටම පාරාවලල්ලක් වෙලා නේද?
    මේ පිංබිමට විනකටින එකදු පරයෙකුට යහතින් නම් ඉන්න සොබාදහම ඉඩක් දෙන්නෙ නැහැ බොලව්.
    තොපි ගැන අනුකම්පාවෙන් අපි බලාන ඉන්නම්.

  7. gadol says:

    අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අදිපති කිරීම නීති විරෝධීයි..

Leave a Comment

Main News