කැබිනට් මණ්ඩල සමූහ පින්තූරයටවත් ජනපති පෙනී නොසිටී.. විනාඩි දෙකකින් නැගිට යයි..

December 20, 2018 at 3:00 pm | lanka C news
කැබිනට් මණ්ඩල සමූහ පින්තූරයටවත් ජනපති පෙනී නොසිටී.. විනාඩි දෙකකින් නැගිට යයි..

අද දිනයේ දිවරුම් දෙන ලද නව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා සමග සමූහ ඡයාරූපයකට පෙනී සිටීමේ අවස්ථාවක් ලැබී නැත.

නව කැබිනට මණ්ඩල මහුවට එක්වූ ජනාධිපතිවරයා විනාඩි 2-3ක පමණ සුළු කාලයක් එහි සිට සියළු දෙනාට සුබ පතන බව කියමින් එතැනින් පිටත්ව ගොස් ඇත්තේ ලබන ජනවාරි මුල් සතියේදී මීලග කැබිනට් හණ්ඩල හමුවට දින නියම කරමිනි.

එමෙන්ම අද දිනයේ කැබිනට් ඇමතිවරුන් දිවුරුම් දීමේ අවස්ථාව සජීවී වාර්තා කිරීමට කිසිදු මාධ්‍යයකට අවස්ථාව නොලැබුනු අතර ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් විසින් පටිගත කරන ලද දර්ශණ පමණක් මුදා හැර තිබින.

ඇමතිවරුන් දිවුරුම් දෙන ලද්දේද වෙනදා කැබිනට් ඇමතිවරුන් දිවුරුම් දෙන ස්ථානයේ නොව ජනාධිපතිවරයාගේ පුද්ගලික කාමරයේදීය.

ජනාධිපතිවරයා සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට පවා පත්වීමේ ලිපි ලබා දෙන්නේ එහිදීය.

49 views

15 Comments to “කැබිනට් මණ්ඩල සමූහ පින්තූරයටවත් ජනපති පෙනී නොසිටී.. විනාඩි දෙකකින් නැගිට යයි..”

  1. semana says:

    නියමයි..ජනපතිතුමනි… උන් එක්ක පොටේා් ඕනත් නෑ.. මොකුත් ඕන නෑ … ඉතිරි ටිකත් කන කලවැදි රැල…

Main News