කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිතගෙන් විශේෂ ප්‍රකාශයක්.. සජීවීව රූපවාහිනියෙන්..

June 20, 2017 at 4:40 pm | lanka C news
කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිතගෙන් විශේෂ ප්‍රකාශයක්.. සජීවීව රූපවාහිනියෙන්..

පසුගිය සතියේදී පැවති කැබිනට් තීරණයන් දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදි දිගින් දිගටම නොයෙකුත් ජාතිවාදී සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය රජයේ නොයෙකුත් පුද්ගලයින් චෝදනා කරමින් කැබිනට් තීරණ දැනුම් දීමේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ නිකුත් කලහ.

මේ සම්බන්ධව බිබිසි සිංහල සේවයේ මාධ්‍යවේදි විමසා සිටියේ වසර දෙකහමාරක් ගතවි ඇති අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන රජය අත් අඩංගුවට ගත් පුද්ගලයින් කවරේද යන්නය. එහෙත් ඒ අවස්ථාවෙ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පිලිතුරු දීමට නොහැකි විය.

එබෙවින් හෙට පැවත්වෙන සතියේ කැබිනට් තීරණ දැනුම් දිමේ සාකච්ඡාවට එදා අලුත්ගම සිද්ධියට සම්බන්ධව මෙතෙක් අත් අඩංගුවට ගෙන නඩු පවරා ඇති පුද්ගලයින් ඇතුළුව එයට සම්බන්ධ සියලු පාර්ශවයන් ගේ විස්තර ඇතුලත් වාර්තාක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙන ලෙස දන්වා ඇත.

ඒ අනුව මෙවර කැබිනට් තීරණ දැනුම් දිමේ සාකච්ඡාව හරහා රටේ එවෙනි ජාතිවාදී ගැටුම් ඇතිවීම වැලැක්වීමට නව රජය ගත් පියවරවල් මෙන්ම, එදා අලුතින්ම සිද්ධියට සම්බන්ධව මේ ආණ්ඩුව විසින් සිදුකල පරීක්ෂණවලට අනුව අත් අඩංගුවට පත් වැරදිකරුවන් මෙන්ම ඒ සඳහා ගත් පියවරයන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් හෙට පැහැදිලි කරනු ඇත.

එමෙන්ම මෙම මාධ්‍ය සාකච්ඡාව හෙට සජීවීව ජාතික රූපවාහිනිය ඔස්සේ නැරඹීමට අවස්ථාව ජනතාවට ලබාදීමට ජාතික රූපවාහිනි හෙට පෙරවරු 11 සිට සුදානම් කොට ඇත.

39 views
Main News