කැබිනට් මාරුවට සියල්ල සූදානම්.. ඇමතිලා රාහුකාලයේදීම ගමන් අරඹති..
May 22, 2017 at 10:00 am | lanka C news
අද සිදු කරන කැබිනට් සංශෝධනය සදහා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට සියළු කැබිනට්, නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් පැමිණ සිටී.
ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද මේ වන විට එම පරිශ්‍රයට පැමිණ ඇත.
අද සදුදා දිනයේ රාහු කාලය යෙදී ඇත්තේ පෙරවරු 07.30 සිට 09.00 දක්වා කලයේදී වන අතර ඇතැම් ඇමතිවරුන් එම කාලය මගහැරෙන සේ විවිධ උපක්‍රම යොදා නිවසින් එලියට බැස ඇති අතර ඇතැමුන් නිවසින් එරලියට බැස ඇත්තේ රාහු කාලයේදීමය.