කැබිනට් රැස්වීම් යලි නෑ.. සියල්ල අවලංගුයි..- ජනාධිපති දන්වයි.. ඇමතිලා අනාථයි..

June 11, 2019 at 9:20 am | lanka C news
කැබිනට් රැස්වීම් යලි නෑ.. සියල්ල අවලංගුයි..- ජනාධිපති දන්වයි.. ඇමතිලා අනාථයි..

පාස්කූ ඉරිදා දිනයේ මෙරටට එල්ල කළද බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අත්හිටුවන තුරු කැබිනට් රැස්වීම නොපැවතීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

ඒ අනුව අද අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩලය නොපැවැත්වෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

අද කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ නැති බව පසුගිය සිකුරාදා කැබිනට් ඇමතිවරුන්ටද දන්වා ඇති අතර ඒ බව ගිය සිකුරාදා පැවති කැබිනට් රැස්වීම් වාර්තාවේද සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා පැවැති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා දැඩි විරෝධය පළ කර ඇති අතර තේරීම් කාරක සභාවේ කටයුතු කරන්නෙ මේ ආකාරයට නම් තමන් කැබිනට් රැස්වීම් නතර කරන බවද දන්වා ඇත.

මේ අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නතර කිරීමට තීරණය ගන්නා කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ නැති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

79,766 Viewers

21 Comments to “කැබිනට් රැස්වීම් යලි නෑ.. සියල්ල අවලංගුයි..- ජනාධිපති දන්වයි.. ඇමතිලා අනාථයි..”

  1. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    විධායකයට ව්‍යවස්ථායායකය යටපත් කළ නොහැක. පාර්ලිමෙින්තු තේරීමි කාරකසභාව ව්‍යවස්ථාදායකයේ වැඩක්.
    එහෙත් ව්‍යවස්ථායකයට විධායක ජනධිපතිවරයෙක් දෝෂාභියෝගයක් මගින් ධූරයෙන් නෙරපා හැරීමට බලය ඇත.

    • දේවක says:

      වඩු මඩු තහනම් කතාවත් එක්ක බලනකොට මේ පුද්ගලයා ඇත්තටම උමතු තත්වයක සිටින්නෙ.

      • සුරේෂ් says:

        ඔබතුමා වඩු මඩු කතාවේ ශාරාංශය විතරයි දැක්කේ. එකේ ගතයුත්තක් තියෙනවා.කොහෙන් හරි පටන් ගන්න ඕනේ ,අපිට දැන් නියන් කාලයේ ලැබෙන භූ ගත වතුර ප්‍රමාණය ඉස්සරට වඩා ගොඩක් අඩුයි .අපි පොඩිකාලේ තිබුණු උල්පත් බහුතරයක් හිඳිලා ගිහිල්ල,හේතුව වහින වතුර සේරම ගඟට ,මුහුදට ගලාගෙන යනවා ,වතුර ටික පොලවට උරාගන්න වන පද්දතිය,ගස්කොලන් අඩුවෙලා . ,වනාන්තර වගාකරන්න පිළිවෙලක් ,කැපීම අවම කරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න අවශ්‍යයි. වඩු මඩු නවත්තමු කීවහම කවුරුවත් අපි කැලා වවල වඩුවාගේ රස්සාව ආරක්ෂා කරමු කියල කීවේ නැහැ නේ. කලේ වඩු මඩු වහන්න බැහැ කියල නටපු එක විතරයි

        • Vesamuni says:

          “කැපීම අවම කරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න අවශ්‍යයි. වඩු මඩු නවත්තමු කීවහම කවුරුවත් අපි කැලා වවල වඩුවාගේ රස්සාව ආරක්ෂා කරමු කියල කීවේ නැහැ නේ. කලේ වඩු මඩු වහන්න බැහැ කියල නටපු එක විතරයි” mahaththaya FB generation ekata ayath yam kisi daenumak thiyana tharuna tharuniyan athara inne nugath raelata ayath ekkenek wagei. karunakara thawa daenuwath wenne, desanta pera.

          Reply

        • Sunimal says:

          තෝ පොලොන්නරුවෙ එකෙක්ද

    • මරැසිරා says:

      විධායකය,ව්‍යවස්ථාධායකය මේ මිනිස්සුන්ව ගොනාට අන්දන්න මේ රටේ නියම පාලකයෝ දාලා තියෙන වචන ටිකක් පමණයි..මේ රටේ වෙන්නේ IMF,World bank වලට ඕනේ දේවල්…මේ ආයතන විදේශ ණය දී ඒ ඒ රටවල ආණ්ඩු හරක් පට්ටියක් වගේ හසුරවනවා.මෙහෙ ජනපති හා අගමැති කියන්නේ ඒ රැලේ හොඳ ගවයෝ දෙන්නෙක්.
      බටහිර නීති හදලා මෙහේ පාර්ලිමෙන්තුවේ සීල් එක ගස්සවලා එලියට දාන එකට තමා ව්‍යවස්ථාදායකය කියන්නේ.ඉන්දියාවේ අගමැති රජිව් ගාන්දිට ලංකාවට හමුදාවක් බස්සවන්නත් විධායක බලතල තිබුනා..නමුත් සුද්දගෙ පස්ස හෝදන බටහිර යටත් වැසි ලංකාවේ විධායකයට හමුදවට ආයුද ගන්නත් එගලන්තයේ මහ රැජිනගෙන් අවසර ගන්න ඕනේ.

  2. අප්පු says:

    මේක ආණ්ඩුවක් නෙමෙයි ආඩි හත් දෙනාගේ කැද හැලියක්, 255 කොහොම හරි හැලිය රත් වෙන කොට ඒකේ තියන වතුර ටික වත් බොනවා, චන්දෙ දීපු ජනතාවට වතුරවත් නැහැ,
    ,

  3. Kumari says:

    දෝෂාභියෝග යෝජනාවක් භාරගත් වහාම, ජනාධිපති සතු පාර්ලිමේන්තු සැසි වාරය කල්තැබීම සහ පාර්ලිමේන්තුව විසිරවීමේ බලය අත්හිටවෙනවා. ව්‍යවස්ථාව කියවලා බලන්න.

  4. SL says:

    මෙයිට වැඩිය හොඳට අපි පොඩිකාලේ වැලි සෙල්ලම් බත් ඉවුව .කාලකන්නි ,කුජීත, පර ගති, නින්දිත,විලි ලජ්ජා නැති ,තිරිසන්, පට්ට පැදුරු 225 + 1 මේ රට විනාශ කරනවා. මොකක්දෝ වාසනාවකට මිනිස්සුන්ට කන්න කොස්ගෙඩිය ක් හරි බොන්න වැස්සක්වත් වහිනවා .අරාබියේ ,අප්‍රිකාවේ වගේ කාන්තරගත රටක් වගේ නම් මෙලහකට සොමාලියාවක්, ඉටියෝපියාවක් වෙලා ඉවරයි

    • ක්‍රිමිනල් says:

      තොපිම නේද අවුරුදු 30ක යුද්ධයෙන් පස්සෙ ක්‍රමාණුකූලව දියුණුවේගන ආ රට කාබාසීනීයා කරල වලපල්ලට දාන්ඩ
      මේ ජඩපාලන කියල අටමගලක් අටෝ ගත්තෙ?

      අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන දැන් කනෝ, කනෝ කියල බෙරිහන් දෙනව.

  5. SL says:

    මෙයිට වැඩිය හොඳට අපි පොඩිකාලේ වැලි සෙල්ලම් බත් ඉවුව .කාලකන්නි ,කුජීත, පර ගති, නින්දිත,විලි ලජ්ජා නැති ,තිරිසන්, පට්ට පැදුරු 225 + 1 මේ රට විනාශ කරනවා. මොකක්දෝ වාසනාවකට මිනිස්සුන්ට කන්න කොස්ගෙඩිය ක් හරි බොන්න වැස්සක්වත් වහිනවා .අරාබියේ ,අප්‍රිකාවේ වගේ කාන්තරගත රටක් වගේ නම් මෙලහකට සොමාලියාවක්, ඉටියෝපියාවක් වෙලා ඉවරයි

    • නාගානැන්ද says:

      මෝඩ කථා නොකිය හිටහන්!

      දුප්පත් මිනිස්සුන්ට නිදාගන්ඩ තියෙන `පැදුරු’ කොහොමද බන් රටක් විනාශ කරන්නෙ?

  6. susa says:

    munwa patkararu kalakanni 6200000 hatadelaksheta tama henagahanna one

  7. Nuwan says:

    Moo ganna aathal… boruwane

  8. Ranjan says:

    Rajuta Pissu. Pissek rajaha keeriimath dekema ekai. These words Pl write in Sinhala.

  9. desabimanaya says:

    Sorry, Seems that This stupid man has not finished the process of disturbing the future of the citizens life of this country and disturbing the country.

  10. පොඩි එකා says:

    දුර දැක්මන් තිබුන ශ්‍රී ලංකාවේ හිටපු එකම දේශපාලඥයා හිටපු මුදල් ඇමතිවරයෙකු වන ආචාර්ය එන්.එම් පෙරේරා මහතා පමණි… මේ අලකලංචිය සිද්ධ වෙන බව එතුමා කිව්වේ 1978 දී. බලන්න කෙතරම් දුරක් පෙනිලා තියෙනවද කියලා… නමුත් ඒ මනුස්සයට හිටපු මුදල් ඇමතිවරයෙක් තමන්ගේ පලමු බඡට් එක ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී කිව්වේ රත්තරන් මොළකාරයින්ට මං තරු පේන්න බඡට් ගේනවා කියලා…

  11. කැලණියෙ දමියා says:

    ඕක රැස්වුණා කියලා පසුගිය අවුරුදු 5 ට වෙච්චි දෙයක් නැනැ. එනිසා ඕක දිගටම රැස්නොකලයි කියලා ජනතාවට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒකෙන් සිදුවන්නේ ජනතාවට සේවයක් පමණයි.

  12. john the baptice says:

    ජනාදිපති අගමැති බලපෙරලියට මහජනතාව ඉඩ නොදිය යුතුය දෙන්නම රජයෙන් පැන්නවීම මහජනතාවගේ පරම යුතුකමයි

  13. අංකූරා says:

    2015 පටන් ගත්ත නාඩගමේ උච්චතම අවස්ථාව තමයි මේක !, අපි ජනතාව විදිහට ඉතාමත් මෝඩයි ,අවාසනාවන්තයි !!, මේ තත්වය උදාකර් ගත්තේ ජනතාවමයි!!!,

  14. Ametiya says:

    Cabinet nathnam, amathiyala ona naha, ethkota unge waraprasada, waradana nawthwunama ratata koti gananak ithuru wenawa. Munwa onama natha!

Leave a Comment

Main News