කැබිනට් ‘රෝ’ කතාව ලියූ ‘ද හින්දු’ මාධ්‍යවේදිනියට බලපෑම්..
October 24, 2018 at 6:26 am | lanka C news
හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණියට විවිධ චෝදනා නැගීම මාධ්‍ය නිදහසට තර්ජනයක් යයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ද හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණිය වන මීරා සිරිනිවාසන්ගේ කැබිනට් සාකච්ඡාව වාර්තාකරණයට අදාළව ආණ්ඩුව සහ ආණ්ඩු හිතවාදීන් එල්ලකරණ චෝදනා පිළිතුරුදීමේ අයිතියෙන් ඔබ්බට ගොස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා මාධ්‍ය නිදහසට කරන බලපෑමක් දක්වා වර්ධනයවී ඇතිබව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල රැස්වීමකදී තමා ඝාතනය කිරීමට ඉන්දීය රෝ ඔත්තු සේවය කටයුතු කරන බවට ප්‍රකාශ කළේ යැයි මීරා සිරිනිවාසන්ගේ නමින් හින්දු පුවත්පතේ ප්‍රවෘත්තියක් පළවූ අතර එය ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේවෙතත් හින්දු පුවත්පත ඇමතිවරුන් සිවිදෙනෙකුම මෙම පුවත තහවුරු කළ බවට වන ස්ථාවරයක සිටියි.මේ අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ජනහමුවක් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමතිවරු සිවි දෙනෙක් හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනිය හරහා රෝ සංවිධානය සමග සබදකම් පවත්වමින් තොරතුරු ලබාදෙන බවයි.
මෙය මාධ්‍යවේදීන්ට , විශේෂයෙන්, හින්දු පුවත්පතේ කොළඔ වාර්තාකාරිණියට පදනමි විරහිත චෝදනා නගමින් බලපෑම් කිරීමක් වන ලෙස හදුනාගන්නා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇයට සිය මූලාශ්‍ර හෙළිනොකිරීමට ඇති අයිතිය පිළිගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.මෙම සිදුවීම ජනමාධ්‍යවේදීන්ගේ විශේෂයෙන් මෙරට සිටින, විදෙස් මාධ්‍ය වෙනුවෙන් වාර්තාකරණයේ නියැලෙන වාර්තාකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සංවේදී කරුණක් ද වන හෙයින් මේ පිළිබඳ වඩාත් වගකීම් සහගතව කටයුතු කරන ලෙසටද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදාළ සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියි.
කැඳවුම්කරු
සි.දොඩාවත්ත
දිලීෂා අබේසුන්දර
ලේකම්
ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනියට, අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කරන කවර වූ බලපෑමක් සමාජ ප්රජාතන්ත්රවාදයට එරෙහි වීමක් වේ.” තමා ඝාතනය කිරිමට රෝ RAW සංවිධානය කුමන්ත්‍රණය කරන්නේය” යි ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළ බව අමාත්‍ය මණ්ඩලයේ කවරෙකු විසින් හෝ ඇය සමග කියා ඇත්නම් එය එළිදරව් කිරිමට ඇයට අයිතියක් ඇත..එය සැගවීමටද අවශ්‍ය නැත.ඇය සැගවිය යුත්තේ තොරතුරු මාර්ගය පමණි. මෙහි ඇත්ත ,නැත්ත දෙරටේ ම ජනතාවට දැන ගත යුතුය. එකී ප්‍රකාශය අසත්‍යය නම් මෙය ඇදි ඇදී යාමට නොදී ජනාධිපතිතුමාට මෙය නිරවුල් කළ හැක. එසේ නොවන්නේ නම් මේ කතාව සත්‍යය යැයි පිළිගැනීම කවර වරදක් ද? කෙසේ නමුදු මාධ්‍යවේදිනියට කරන බලපෑම් පිළිකුල් කට යුතුය .