කැබිනට් වෙනසක් පැය 24කින්.. සියළු මැති ඇමතින් කොළඹ නවතී..

May 8, 2017 at 10:40 am | lanka C news
කැබිනට් වෙනසක් පැය 24කින්.. සියළු මැති ඇමතින් කොළඹ නවතී..

මේ සතියේ පැය 24ක් ඇතුලත බොහෝ දුරට කැබිනට් සංශෝධනයක් සිදු වීමට ඉඩ ඇති බව ආණ්ඩුවේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

මෙහිදී ශ‍්‍රීලනිප ඇමතිවරුන් දරන ඇමති ධුර පමණක් සංශෝධනයකට ලක්වනු ඇතැයිද සදහන්ය.

එක්සත් ජාතික පක්‍ෂය මේ වන තෙක් ඇමති මණ්ඩල සංශෝධනයක් සදහා එකග වී නැතත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්චා තව දුරටත් පැවැත්වෙමින් තිබේ.

මීට අමරතව අමාත්‍යංශ ලේකම්වරුන් හා ආයතන ප‍්‍රධානීන් කිහිප දෙනෙකුද වෙනස් වනු ඇතැයිද පැවසෙයි.

විදේශගත වීමෙන් වැලකී සිටින ලෙසද ජනාධිපති කාර්යාලයෙන් ඇමතිවරුන්ට හා ලේකම්වරුන්ට උපදෙස් ලැබී තිබේ.

මේ තත්වය මත ආන්ඩුවේ සියළුම මැති ඇමතිවරුන් කොළඹ හෝ ඒ ආසන්නයේ රැදී සිටිති.

0 views

4 Comments to “කැබිනට් වෙනසක් පැය 24කින්.. සියළු මැති ඇමතින් කොළඹ නවතී..”

  1. ඩාර්ලි පාරෙන් එහා ශ්‍රීලනිපය says:

    මුදල් අමාත්‍ය රවි කරුණායක ගේ හෝ වෙනත් කිසියම් ඇමතිවරයෙකු ගේ හෝ අමාත්‍යාංශ වෙනස් නොකර වෙනයම් ඇමති කෙනෙකුගේ හෝ කිහිප දෙනෙකු ගේ අමාත්‍යාංශ වෙනස් වෙයි නම් ඉන් පිළිගැනීමට ලක් වන්නේ, අමාත්‍යාංශ වෙනස් නො වන ඇමතිවරුන් සම්බන්ධව ප්‍රශ්න නැති බවත්, අමාත්‍යාංශ වෙනස් වන ඇමතිවරුන් සම්බන්ධව පමණක් ගැටළු පැන නැගී ඇති බවත් ය. මෙයින් අනියමින් සිදුවන්නේ, රවි කරුණානයක හා / හෝ මුදල් අමාථ්‍යාංශය සම්බන්ධව ප්‍රශ්නයක් නැත යන්න, ජනාධිපතිවරයා විසින් ද පිළිගන්නේය යන්න, තහවුරු වීමත්, බැඳුම්කර මගඩියට ජනාධිපතිවරයා ගේ ආශීර්වාදය හිමි බව පෙන්නුම් කිරීමත්, සුළු වැරදි පමණක් සිදු කර ඇති, ශ්‍රීලනිප ඇමතිවරු කිහිපදෙනෙකු පමණක් රට හමුවේ වැරදි කරුවන් බවට පත් වීමත්, ඒ අය පමණක් ආණ්ඩුවේ වැරදි වලට වගකිවයුතුය යන මතය ජනතාව ට ලබා දීමත් ය. ය. ජනාධිපතිවරයා මේ උගුලට හසු විය යුතු නොවේ.

    මීට,

    මහින්ද ට කැමති එහෙත් මහින්ද – මෛත්‍රී සමගියකට එරෙහි නොවන ශ්‍රීලනිපාක්ෂිකයන් පිරිසක්.

    • kaniya says:

      අනිවාර්යෙන්ම මේ කරන්නේ මහා කපටි කයිරාටක වැඩක් .මේක තමා සිරිසේන කරන අන්තිම කයිරාටක කම .
      ගෝල්ෆේස් ජනතාව දැක්ක දවසේ ඉඳල සිරිසේනට නින්ද යන්නේ නෑ පුටුවේ වාඩිවෙලා කල්පනා කරනව එදා ගැටඹේ මහලොකුවට කිව්වා ඔන්න වැස්ස පටන්ගත්ත කියල නමුත් දැන් වැහි කඳුලක් නෑ ඒ වැස්සේ ආශිර්වාද වැස්සක් නෙවෙයෝ දෙවියෝ කෝප වෙලා ඇතිවුණු වැස්සක් ඉදිරියට එන ඉරණම සිරිසේනට පෙන්නන්න වැටුණු වැස්සක් .

      මේ සිරිසේන කරන්නයන බොරුවට කවුරුවත් අහුවෙන්න එපා .
      ආණ්ඩුව මහබැංකුව හොරකම් කරලා අහුවුනා දැන් කොටි ගණන් කාර් ගෙනල්ලා ජොලි දානවා නමුත් සිරා දන්නවා මේ වැඩ වලින් මගේ තනතුර ගහල යනවා එහම උනොත් මගේ පවුලම ඉවරයි කියල .අන්න ඒ නිසා තමයි සිරිසේන ජනතාව අන්දවලා තමනුත් ඉන්නේ ජනතාවගේ පැත්තේ මම රනිල්ගේ වැඩ වලට විරුද්දයි කියල පෙන්නන්න මේ වෙනස කරන්න යනවා කියල අදහසක් සමාජගත කරලා තියෙන්නේ .
      මෙහෙම දෙයක් වෙන්නේ නෑ .උනත් ඒ වෙනස කිසිම වැඩක් නැති බොරු වෙනසක්
      මේ වෙනස කරලා සිරිසේනට ආයෙත් අපේ කනින් රිංගන්න දෙන්න එපා .මුන් ගේම දෙපැත්තට බෙදිලා හැබැයි හැමදේම කරන්නේ හොරෙන් සාකච්චා කරලා

  2. kamalsiri kuruwita says:

    “මෙහිදී ශ‍්‍රීලනිප ඇමතිවරුන් දරන ඇමති ධුර පමණක් සංශෝධනයකට ලක්වනු ඇතැයිද සදහන්ය”. එහෙනම් ඉතින් අපිට කමක් නැහැ . ජනපති නෙවෙයි මොන පති වුනත් UNP ඇමති හරි මන්ත්රින්ට් හරි අත තියන්න එයා ට බලයකුත් නැහැ . හයියකුත් නැහැ . එහෙම කරන්න අවොත් දෝෂාබියෝගෙන් ලොක්කත් ගෙදර තමයි . ලොක්ක රනිල්ට බය බව කවුරුත් දන්නවා .

  3. love nature says:

    අනේ කූඹින්නේ
    තොපටත් රජෙක් ඉන්නේ
    මොකදෑ කරන්නේ
    අපේ කරුමේ අපට වන්නේ…

    රජෙක් ලැබුණෝතින්නේ
    එදා කිරිබත් කන්නේ
    පෙරහැර කරන්නේ
    සාධු නාදෙන් ගිගුම් දෙන්නේ…