කැබිනට් වෙනසින් ලේකම්වරු, සංස්ථා ප්‍රධානින් ගණනාවක්ම දොට්ට.. සියඹලාපිටිය, චන්දිමත් අවදානම් සීමාවේ..

May 21, 2017 at 10:00 am | lanka C news
කැබිනට් වෙනසින් ලේකම්වරු, සංස්ථා ප්‍රධානින් ගණනාවක්ම දොට්ට.. සියඹලාපිටිය, චන්දිමත් අවදානම් සීමාවේ..

හෙට දිනයේ සිදුවන බව කියන අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමගම අමාත්‍යාංශ කිහිපයකම ලේකම්වරුන් ඉවත් කිරීමටත් නව ලේකම්වරු කිහිප දෙනෙනෙකු පත් කිරීමටත් නියමිතය.

ප්‍රධාන ආයතනයන් කිහිපයකම සභාපති ඇතුළු ප්‍රධාන විධායක තනතුරුවල වෙනස් කම් කිහිපයක්ම සිදු කිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි මීට පෙර තම අමාත්‍යාංශ වෙනස් කොට තම ප්‍රදේශයේ ජනතාවට වැඩි සේවාව ලබාදීමට අවශ්‍ය යයි ඉල්ලා සිටි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වර්තමාන කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්නට බොහෝ දුරට ඔහු ඊට පෙර දැරු විදුලිබල අමාත්‍යාංශය ලබාදීමට ඉඩ ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්ය නියෝජනය කරන හිටපු සංධාන ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත මහතා වර්තමාන අමාත්‍ය ධූරය සම්බන්ධව සෑහීමට පත්ව ඇති බව ප්‍රකාශ කොට ඇති වුවත් ඔහු සඳහා කලින් දැරු ඛනිජ තෙල් අමාත්‍යාංශය ලබාදීමට ඉඩ කඩ වැඩි බැව් වාර්තා වේ.

දැනට එම අමාත්‍යංශ දරමින් සිටින්නේ චන්දිම වීරක්කොඩි හා රංජිත් සියඹලාපිටිය යන ශ‍්‍රීලනිප ඇමතිවරුන්ය.

106 views
Main News