කැබිනට් වෙනසේ සාකච්චා අසාර්ථකයි.. රවි රකින්න ජනපති දියණියත්.. මුදල් ඇමති වෙන්න කලින් කබිර් හදිසියේ රට යයි..
May 18, 2017 at 12:00 pm | lanka C news
හෙට දිනයේ සිදු කරන බව කියන කැබිනට් සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මලික් සමරවික්‍රම, මහින්ද අමරවීර යන ඇමතිවරුන් අතර පැවති සාකච්චා එතරම් ප්‍රථිපලදායක ලෙස අවසන් වී නැති බව වාර්තා වෙයි.
ඉන් පසුව එජාප මහ ලේකම් ඇමති ඛබීර් හෂීම් ජනාධිපතිවරයා මුණ ගැසී පක්ෂයේ අදහස දන්වා ඇත.
නමුත් කැබිනට් මණ්ඩලය වෙනස් කල යුතු යයි මතයේ ජනාධිපතිවරයා සිටින බැවින් ඊට එකග වීමට එජාපයට සිදුව ඇති අතර එහිදී මුදල් ඇමති ධුරයෙන් රවි කරුනානායක මහතා ඉවත් කර එම තනතුර ඇමති කබීර් හෂීම්ට බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා යෝජනා කර ඇත.
නමුත් මුදල් ඇමති රවි කරුනානායක මහතා තම ධුරය රැක ගැනීම සදහා ජනාධිපතිවරයාගේ දියණිය ඇතුළු වෙනත් පුද්ගලික සම්බන්ධකම් උපයෝගී කර ගනිමින් විශාල වෙහෙසක් දරමින් සිටී.
මුදල් ඇමති ධුරය වෙනස් කිරීමට අගමැතිවරයාද පැකිලීමක් දක්වන බැවින් ඇමති කබීර් හෂීම්ට උපෙදස් ලැබී ඇත්තේ හෙට කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන අවස්තාවට නොසිට විදෙස්ගතවන ලෙසයි.
දැනට ලැබෙන තොරතුරු අනුව මහා මාර්ග අර්ජුන රණතුංගට, වරාය රවි කරුණානායක, උසස් අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත ලක්ෂමන් කිරිඇල්ලට ආදී සංශෝධන කිහිපයක් දැනට යෝජනා වී ඇතත් අවසාන මොහොත වන විට කුමකින් කුමක් වේදැයි අවිනිශ්චිත තත්වයක්ද පැන නැගී ඇත.