කැබිනට් වෙනස කලොත් ආණ්ඩුවේ බහුතර බලය බිද වැටේ.. එජාප මන්ත්‍රීන් 51ක් මෛත්‍රිට එරෙහි වේ..
May 18, 2017 at 1:20 pm | lanka C news
ජනාධිපතිවරයා විසින් රට දෙවැනි තැනට දමා පළමුව පක්ෂය රකින්න තීරණය කරන්නේ නම් එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් 51 දෙනෙක් ඊට එරෙහිව තීන්දුවක් ගන්නට සූදානම් බව එජාප පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා පවසයි.
ශ්‍රිලනිප ඇමතිලාට උවමනා පරිදි කැබිනට් සංශෝධනයක් සිදු කරන්නට ජනාධිපතිවරයා කටයුතු කලහොත් එජාපයේ පසුපෙල මන්ත්‍රීන් 51ක් ඊට එරෙහිව කටයුතු කරන බවද ඔහු පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.