කැබිනට් වෙනස නිසා හවුල් ආණ්ඩුව තවත් වසර දෙකක් යනවා…- අමරවීර
May 23, 2017 at 12:00 pm | lanka C news
ඊයේ දිනයේ සිදු කරන ලද කැබිනට් සංශෝධනයෙන් සෑහීමකට පත් වන බවත් එම සංශෝධනය සිදු කිරීමට දෙපාර්ශවයේම සහයෝගය ලැබුණු බවත් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම සංශෝධනය හේතුවෙන් රජයක් ලෙස තවත් වසර දෙකක් ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමටත්, ජනතාවට සේවය කිරීමටත් හැකියාව ලැබනු ඇතැයිද ඇමතිවරයා කියා සිටී.