කැබිනට් සංශා්ධනයේ විද්‍යාත්මක විෂයයන් බෙදිල්ල අවසන්..

April 12, 2018 at 8:40 am | lanka C news
කැබිනට් සංශා්ධනයේ විද්‍යාත්මක විෂයයන් බෙදිල්ල අවසන්..

අද පෙරවරුවේ කැබිනට් සංශෝධනයක් සිදු නොවුනහොත් එය අලුත් අවුරුද්දෙන් පසුව සිදු වනු ඇති බව වාර්තා වේ.

අවුරුදෙන් පසුව ජනාධිපතිවරයා විදෙස්ගත වීමට නියමිත අතර අගමැතිවරයා අලූත් අවුරුද්දට අද පස්වරුවේ කොළඹින් බැහැර වීමටද නියමිතය.

එමෙන්ම එජාප හා ශ‍්‍රිලනිප බොහෝ මැති ඇමතිවරුන් මේ වන විට සිටින්නේ විදෙස්ගතවයි.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම්වරයා හා අගමැති ලේකම්වරයා එක්ව මේ වන විටත් නව ඇමති සංශෝධනයේ විෂයයන් බෙදීම අවසන් කර ඇතැයිද වාර්තා වෙයි.

කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ කියා සිටියේ අලූත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් ස්ථිරවම සිදුවන බවයි.

17 views