කැබිනට් සංශෝධනයක්.. ඒකාබද්ද විපක්‍ෂයේ කිහිප දෙනෙකුට ඇමති ධුර…

November 5, 2016 at 10:40 am | lanka C news
කැබිනට් සංශෝධනයක්.. ඒකාබද්ද විපක්‍ෂයේ කිහිප දෙනෙකුට ඇමති ධුර…

ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන අයවැයෙන් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ ඉහල පෙලේ ආරංචි මාර්ග පවසයි.

එහිදී දැනට ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධූර දෙමින් රජයට එක් කර ගැනීමටද සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

දැනටමත් ඒ පිලිබදව සාකච්ඡ වට කීපයක් පවත්වා ඇති බවත් අයවැය තුන්වැනි වර ඡන්ද විමසීමේදී ඔවුන් රජයට එක්වනු ඇති බවද වැඩි දුරටත් සදහන් වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රධානියෙකුගේ කල විමසීමකදී ඔහු කියා සිටියේ නව පක්‍සය බිහිකිරීමත් සමග ශ‍්‍රීළනිපය දැඩි සෝදාපාළුවකට ලක්වීම වලක්වා ගැනීම සදහා කරන ප‍්‍රකාශයක් මිස එවැන්නක් කිසිසේතම සිදුනොවනු ඇති බවයි.

9 views

5 Comments to “කැබිනට් සංශෝධනයක්.. ඒකාබද්ද විපක්‍ෂයේ කිහිප දෙනෙකුට ඇමති ධුර…”

  1. ගැමුණු says:

    දැන් යහපාලන ඇමතිවරු 90යි තව කීයක් පත්කොලොත්ද යහපාලන ක්‍රමයට නියම අර්ථය ලැබෙන්නේ,

  2. dunken says:

    I don’t think this new party would be a success

    • kamasiri Kuruwita says:

      Just wait and see. People are so frustrated and fed up with these ruling guys (nasty liars and roughs) you will see how the new party will gain momentum to become the most powerful party in Sri Lanka.

  3. kamasiri Kuruwita says:

    බයිලා , බයිලා ගොන්නු අන්දන බයිලා,
    ගොන් තකතීරු ටෝයියෝ නම් රැවටෙයි ඕවට .

  4. tommy says:

    Who can’t say No. Because who could trust those politicians.Even then MR could’nt. tht’s why My3 cheated MR. At present who could believe Mahindananda, Rohitha, Pavithra Most polluted corrupted fellows.

Main News