කැබිනට් සංශෝධනයක්.. රනිල් ඉවත් කර ශ්‍රීලනිප අගමැතිවරයෙක් පත් කරන්න යෝජනා..
December 2, 2017 at 3:00 pm | lanka C news
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.
වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගමැතිවරයෙක් පත්කර ගනිමින් ආණ්ඩුව පවත්වාගෙන යා යුතු බවට ශ්රීළනිප පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත් ව ඇති බවද වාර්තාවේ දැක්වෙයි.
ඇමති මණ්ඩල වෙනසක් පමණක් සිදු කිරීම ප්‍රමාණවත් බවට යෝජනාවක්ද ඉදිරිපත් වී ඇති බව සදහන්ය.
මේ අනුව බොහෝ දුරය සිදුවනු ඇත්තේ අගමැති ධුරයේ වෙනසක් නොකර කැබිනට් සංශෝධනයක් පමණක් සිදු කර ඉදිරි කාලය ආන්ඩුව පවත්වාගෙන යාම බවද වැඩි දුරටත් දැක්වෙයි.
මේ අතර ශ්‍රීලනිප-එජාප හවුල් ආන්ඩුවේ ධුර කාලය මෙම දෙසැම්බරයෙන් අවසන් වන අතර ඉදිරියටද හවුල් ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා වන යෝජනා පක්ෂ විසින් සම්මත කර ගනු ඇති බවද වාර්තා වෙයි.
ආප්පයගේ තවත් ආප්ප ට්‍රික් එකක් නොවරටෙන්න මුන්ට චන්දය දීමෙන් වලකින්න
බැරි වැඩ කරන්නට ගොස් කොලේ ඉරන් ඇගේ හලන් ඉන්න සිරිසේන රනිල් ජෝඩුව මොන විදිහට කුට්ටම ඇනුවත් එන චන්දයේදී ජනතාව නිසි පිළිතුර දෙනු ඇත.
මිනිස්සු ගොනාට අන්දන්න හැදුවට මේ පාර ඒක හරියන්නේ නැහැ. මිනිස්සු දන්නවා මෛත්‍රිපාල ජනාධිපතිකමේ ඉන්න කම් රනිල්ව අගමැති කමෙන් එලවන්නේ නැහැ කියල. එලවන්නේ නැතුව නෙවෙයි, එලවන්න බැහැ. එලෙව්වොත් මෛත්‍රිපාලගේ මුදල් ගනුදෙනු, යටිකූට්ටු වැඩ සේරම එලියට එනවා. එහෙම වුනොත් අනාගතයේදී කූරු ගනින්න වේවි. රනිල් දන්නවා එයාට කවදාවත් ජනාධිපති වෙන්න බැහැ කියල. ඒ නිසා එයත් බලන්නේ එයට පාලනය කර ගන්න පුළුවන් කෙනෙක් බලයේ තියා ගන්න. ඒ නිසා මේ දෙන්න රයිගමයයි, ගම්පොලයයි වගේ ඔය ගමන යනවා. මොනවා හෝ යටි කුට්ටු ගේමක් ගහල 2020න් පස්සෙත් අල්ලාගෙන ඉන්න බලාවි. හැටදෙලක්ෂයේ හරක් රැලට මහා චන්දෙ කිට්ටු කරලා හොද පුනක්කු බාල්දියක් දෙවි. එතකොට එක බීල සැනසියල්ල.
බබා අඬනවා , නැනී මෙහෙම කියනවා…. ” අනේ බබා, මම පස්සෙ සමනල්ලු අල්ලල දෙන්නම්, මල් කඩල දෙන්නම් , අම්මට හොරෙන් බොම්බයි මොටයි අරන් දෙන්නම් ….දැන් හොඳ බබා වාගෙ කෑ නොගහා නිදා ගන්න …හොඳේ … මගෙ චූටි…උ..ම්මා….”