කැබිනට් සංශෝධනයක් සිදු නොවේ.. මහ මැතිවරණයක් කැදවීමට සුදානම්..
February 4, 2017 at 10:36 pm | lanka C news
පසුගිය දා ව්‍යපාර ක්ෂේත්රයේ මෙන්ම දේශපාලන ලෝකයේ දැඩිව කතාබහට ලක්වුනු අමාත්‍ය මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කල පරිදි මේ සතියේ එවැනි සංශෝධනයක් වන බවට නොයෙක් කටකතා පැතිරි තිබුන අතර ජනාධිපතිවරයා ද අවස්ථාවන් ගනනාවකදි මුණ ගැසුණු වැදගත් පාර්ශවයන් සමඟ එය හැගවෙන ලෙස අන්දමින් අදහස් ප්‍රකාශ කොට තිබුණි.
මේ අතර සති අන්තයේදී ජනාධිපතිවරයා සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම එජාපයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු කණ්ඩායමක් වර්තමාන දේශපාලන මාර්ග සැලසුම ගැන සාකච්ඡා කර ඇත.
දිගින් දිගටම රජයට එල්ලවන දූෂණ චෝදනා සම්බන්ධව එහිදී දෙපාර්ශවයේම අදහස් ඉදිරිපත් වූ අතර යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය එයට විසඳුමක් නොවන බවත් ඒ හරහා එජාපයේ අභ්‍යන්තරව ප්‍රශ්න රාශියක් ඇතිවන බව පෙන්වා දිමෙන් අනතූරුව එය ගැන නැවත් සිතා බෑලිමට අවශ්‍ය බැවින් බොහෝ දුරට ලබන ජුලි මාසයේදී පමණ ඒ සම්බන්ධ තීරණයක් ගැනිමට දෙපාර්ශ්වයම එකග වු බව එජාපයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය තුල එජාපයේ මතය වී ඇත්තේ රටේ සංවර්ධනයට අවශ්‍ය තීරණය ගැනිමට අවශ්‍ය සහයෝගය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රිලනිප මැති ඇමතිවරුන් ලබා නොදෙන බවත් සාමුහිකව ගත් තීරණයන් පසුව විවේචනය කරන බවය.
මේ නිසා විදේශීය පමණක් නොව දේශීය පිලිගත් ආයෝජකයින් පවා රජය කෙරෙහි කලකිරි ඇති බවත් අවසානයේ අවශ්‍ය සංවර්ධනය අඩාල වනවිට එහි නරක නාමයත් එජාපයේ පිට පටවා අදාළ පාර්ශවයන් වගකීමෙන් ඉවත් වන බව ඔවුනගේ අදහසයි.
එබැවින් තවදුරටත් සහයෝගයෙන් සම්මුති ආණ්ඩුව එජාපයේ ප්‍රතිපත්ති මත ගෙන යාමට අවශ්‍ය උදව් උපකාර නොකරන්නේ නම්ල ඕනම අවස්ථාවක් රට අස්ථාවර නොකොට පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට සූදානම් බවද පලමුවරට එජාපයේ නායකත්වය මගින් හෙලිකොට ඇත.
Well Done PM. Make your party and people strengthen,
ඡන්ද….හීනෙන් තමයි….
මේවට අපිනම් කියන්නේ දවල් හීන කියලා මොකද චන්ද යන මාතෘකාව මුන්ට අරහං බැවින්.
mara ට මල මුත්තර පහ වෙලා ඇති. මේ පාර mara ට චන්ද ලක්ෂ 10ක්වත් නෑ .
100% ඇත්ත …..අපි දෙන්නෙත් unp එකටයි ..මරා කවුද කියලා ඔප්පු උනා සයිටම් කතාවෙන් අද .,… මිනිහා දාපු එක අද හොඳ නෑ කියනවා චීන ගෙනල්ලා අද හොඳ නෑ කියන ව .
ඔහොම තමයි මහින්ද පරදින කොට ත් කිව්වේ … චන්දයක් තිබුනොත් unp දිනුම් .පොහොට්ටුව ත් අත ත් කැලේ … අකමැති උනත් ඒක ඇත්ත .
චන්ද කිව්වා ම ඒකාබද්ධ ටචූන් නේ .
This regime have Only 2 years….
මේ වෙලාවෙ ඡන්දයකට ගියොත් ශ්‍රීලනිපයට අබ සරණයි. යුඑන්පී ආණ්ඩුවක් නියතයි.
go for the election…UNP will win 140 seats
මේක තමයි කරන්න හොද ම දේ . ඔය ඩිලාන් ලා ඩලස් ලා ඔක්කොම පරාද යි . දෙපිල බෙදීම …නියමයි ..මහින්ද ට එන්න වෙන්නත් නෑ ..දෙපිල එකතු උනොත් මහින්ද ට කැමති අය ආපසු චන්ද දෙන්නත් නෑ .. රනිල් නිකන් ම දිනුම් ….මහින්ද ත් ගම්මන්පිලත් හරිම අවස්ථාවාදි යෝ … සයිටම් කතාවෙන් ම ඒක තේරුණේ ..චන්ද ගන්න ඕනෑම දෙයක් කරන කියන මිනිස්සු කියලා දැන් අපිට තේරුණේ .. ගම්මන්පිල අද කතා කලේ හරියට මහින්ද ගේ කාලේ පිට සක්වල හිටියා වගේ ….
කිසිදාක එහෙම කරන්න ශක්තියක් නැහ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වූනේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ශක්තියන්, නැත්නම් අදත් මහින්ද ජනාධිපතිවරයාට වැදගෙන ඉන්නවා.
සීමාවක් නැතුව ජනතාව ගොනාට අන්දන්න ජහපාලකයො කරන තවත් පට්ට පල් බොරැවක් පමනය් . අවුරැදු දෙකක් පලාත් පාලන චන්දෙ කල් දමපු සිරා/රනිල ජෝඩුව මහ මැතිවරණයකට මුහුණ දෙය්ද?
හරියට හරි. මේ හදන්නෙ නැගී එන ජනතා ප්රතිවිරෝධය සමනය කරන්ඩ පට්ට පල් බොරු සමාජ ගත කරල ඉදිරි අවුරුදු තුනත් ඇද ගෙන යන්ඩ. මුන් ඡන්දෙ තියන්නෙ තව සති හෝ මාස හෝ කිහිපයකින් ජනතාව වැඩ වරල, හර්තාල් කරලා, වීදි පුරවල සියළු පරිපාලන කටයුතු අඩාළ වෙල මුන්ට හුජ්ජ කරන්ඩවත් එළියට බහින්ඩ බැරි වුනාමයි.
The 30th defeat………….it is like the person who is afraid of lizard challenging a crocodile.
බොරු පූචානම් කථා. ඔවුන්ට චන්දෙකට යන්න පුලුවන්නම් ප්‍රාදේශීය මැතිවරණ තියන්න මෙච්චර බයවෙන්නේ මොකටද ?
You are 100% correct. A general election will never be held even after 2020, judging by the reluctance to hold provincial council elections. These two greedy people will try to take the maximum advantage of the situation and keep all elections postponed for ever.
මේ ආන්ඩුව හීන සාප්පුවක්. බලයට ආවෙත් දවල් හීන විකුණල. දවසින් දවසට ආන්ඩුව පවත්වාගෙන යන්නෙත් දවල් හීන විකුණල.
another con
Lies. The guys cannot held the provincial elections now they are talking to the parliamentary election.Nobody is thinking on the people. country is now over
මොන බොරුද, මැතිවරණ කියන විට කස්ටියටම චු යනවා